නැ.ටිමොරයේ සාන්ත කෲස් සුසාන භුමියේ සමුල ඝාතනයේ 25 වන වසර සැමරේ ?

0
75

santa_cruz_infographic3ඉන්දුනිසියාව බලහත්කාරයෙන් නැ.ටිමොරය යටත් කරගෙන සිටි සමයේ වසර 1991 දි එහි සාන්ත කෲස් නම් වු සුසාන භුමියට රැස්ව සිටි ජනයාට මෘග ලෙසින් වෙඩිතබා 276 දෙනෙකු සමුල ඝාතනය කිරිම 25 වන සිහිකිරිම 2016.නොවැ 12 වනදාට යෙදි ඇත.
මෙම සමුල ඝාතන සිදුවිමේදි තවත් 200 කට ආසන්න පිරිසක් අතුරුදහන්ව ඇතැයි පැවැසේ.නැ.ටිමොර වැසියන් කියා සිටින්නෙේ ඒ අයට වෙඩිතබා ඒ සිරුරු මුහුද දමා ඇතැයි ඔවුන් විශ්වාස කරන බවය.පෘතුගිසි යටත්විජිතයක් වු නැ.ටිමෝරය 1975 නොවැ 28 වනදා නිදහස ලබා ස්වාධින රාජ්‍යයක් ස්ථාපිත කොට තමන්ගේ පාලනයක් ඇරඹියදි එය පැවතුනේ දින කිහිපයක් පමණි.
1975 දෙසැම්බර් 07 වනදා නැ.ටිමෝරයට ඇතුළු වු ඉන්දුනිසියාව එය බලහත්කාරයෙන් තම රටට ඈදා ගත්තේය.
එතැන් පටන් දැවැන්ත නිදහස් අරගලයක් ක්‍රියාත්මක කළ නැ.ටිමොර ජාතිකයන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මැදිහත්විමෙන් 1999 පැවැති ජනමතවිචාරණයකින් පසු ඉන්දුනිසියාවෙන් වෙන්විමට තිරණය කරනු ලැබිය.
නැ.ටිමෝරයේ නිදහස් අරගලය සදහා ලොව වටා දැවැන්ත සහයෝගිතා ව්‍යාපාරයක් දියත් කෙරුණ අතර ශ්‍රිලංකාවේ ප්‍රගතිශිලි ක්‍රියාකාරින්ද මේ සදහා හවුල් තිබුණි.