නිකවැරටියේදි දැරියකට පහරදුන් පිරිස 16 ක් රිමාන්ඩ් !

0
117

Screenshot_20200104_180530මේ වන විට සමාජයේ පුලුල් කථාබහකට ලක්ව  ඇති නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් දෙදෙනා මෙම මස 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණි.

කොටවෙහෙර ප්‍රදේශයේ නිවසකදී 13 හැවිරිදි දැරියකට මෙසේ අමානුෂික ලෙසින් පහර දි  තිබුනේ ඇයගේ පියාගේ දෙවන විවාහයේ බිරිඳ සහ එම කාන්තාවගේ සහෝදරියක විසිනිි.

පහරකෑමට ලක් වූ දැරිය ප්‍රතිකාර සදහා ඊයේ රාත්‍රී නිකවැරටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ස්කෑන් පරීක්ෂණයක් සඳහා මේ වන විට ඇය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.