නිදහස් වෙළද කලාපයේ “ඇය” ගැන තවත් කථාවක් !

0
121
ඇයට එදා තිබුණේ රාත්රී වැඩ මුරයක්. ඒ වගේම එම ආයතනය ලෝකප්රසිද්ධ නිෂ්පාදන සපයන ඉහළ පෙළේ ආයතනයක්.
නමුත් එම ආයතනය තුල මිනිසාට බරපතල, අහිතකර රසායනික ද්රව්ය සමඟ මුසුවෙමින්ජීවිතය ගැට ගසා ගන්නට, දෙමව්පියන් රකින්නට,ගෙයක් දොරක් හදාගන්නට, අනාගතයේ ලස්සන කරගන්නට අහවරයක් නැති රාත්රී වැඩ මුරවල සේවයෙහි යෙදෙන්නට ඇයට වගේම අනිත් සේවක සේවිකාවන්ටත් සිදුවුණා.
එදා ඇය යොදවා තිබුණේ මැෂින් අටක් සහිත වායු සමීකරණය නොකරන ලද කුඩා කාමරයක තනිව සේවය කරන්නටයි.
ඇය බියගුළු තනි තරුණියක් නොවේ. ඇයට අයත් සේවය කොතන හිඳ හෝ කරන්නට අවශ්ය නිසා ඇය එය කරන්නට පටන් ගත්තා.
එදා සවස 6.00ට පටන් ගත්ත සේවා මුරය අවසන් වෙන්නේ පසුදා උදෑසන 6.00වන ව/ අතර ඇය ලබාදිය යුතු නිෂ්පාදන ඉලක්කය කෑලි 32000. එම තිස් දෙදාහේ නිෂ්පාදන ඉලක්කය සපුරාලීම සඳහා ඇය සේවය ආරම්භ කරා ආරම්භ කරා. ඇයට දහඩිය පෙරාගෙන මානසික පීඩනයකින් වැඩ කරන්නට සිදුවූ අතර රාත්රී 12.30 පමණ ඇගේ අංශ භාර පිරිමියා ( ලයින් leader) ඇය සිටි න්න තැනට පැමිණියා.
ඔහුගේ යම්කිසි වෙනසක් තිබෙන බව ඇය දුටුවා. එහෙත් ඇය නිෂ්පාදන ඉලක්කය මූලික කරගෙන වැඩ කරමින් සිටියා.
ඒ අතර ඔහු මෙසේ කිව්වා
මේ වෙලාවේ කවුරුත් නැහැනේ ඔය මාස් එක ගලවලා මට කිස් එකක් දෙන්න බණ්ඩල් වලට මුවා වුනාම කවුරුත් දකින්නේ නැහැනේ. දැක්කත් මොකද ඕන්නං අපි දෙන්නම අස් කරයි
ඇය භීතියෙන් ගල් ගැසුණ. තමුසෙට පිස්සුද ඕයි මම ආවේ රස්සාව කරන්න කියා ඇය පසුපසට පසුපසට වුණා.
නමුත් ඒ කරදරය ඉවරයක් නම් වුනේ නැහැ. එදා සිට මේ දක්වාම ඔහුගේ කරදර මානසික වාචික හිරිහැර අහවරයක් නැතුවම තවමත් සිදුවෙනවා.
“ඔයා හරි ලස්සනයි හිනා වෙනකොට කම්මුල් ලස්සනයි. මට හරි ආසයි ඔයත් එක්ක කොහේ හරි යන්න අපි ලන්ච් එක වෙලාවට යමුද කොහේ හරි හෝටලේකට. කියා විටින් විට ඔහු ඇඟෙන් අසා තිබුණා.
ඇගෙන් ඔහුට අනුබල දෙන උත්තරයක් නැති තැන මාස හතරක් ගත වීත් ඔහු ඇය පසුපසම ආවා. විටෙක ඇය නේවාසිකාගාරයට යන මග ඔහුගේ ත්රී රෝද රථය දමාගෙන සිටියා .විටෙක මේවාසිකාගාර පාරේ යන එනවා දුටුවා .
ඔහු කියා තිබුණා යහළුවන්ට ඕක අලුත්ම එකක් අතෑරියොත් අපි පරාදයි නේද කියලා . ඒ වගේම ඔහු අනිත් අයට කියා තිබුණා. ඕකිගේ පොටෝ මං ළඟ තියෙනවා කියලා.
මේව අහගෙන හිටපු පිරිමි සේවකයෝ කියන්න පටන් ගත්තා. ඌට විතරද දෙන්න හොඳ අපිටත් දෙන්න බැරිද කියා. මේ වගේ පාදඩ වචන අහගෙන ඉන්න බැරි තැන ඇය අපට ඇවිත් කිව්වා ඇයට සිදුවන මේ මානසික වාචික හිංසනයෙන් මුදවා නිදහසේ වැඩ කරන්න පරිසරයක් හදා දෙන්න කියා .
ඇය ආයතනයේ මානව හිමිකම් අංශයට ලිඛිතව කියා තිබුණා මේ කරදරය ගැන. නමුත් එයට සාධාරණයක් ඉෂ්ට වී තිබුණේ නැහැ .
ඔහු කියා තිබුණා. ඉහළට ගියා කියලා වැඩක් නෑ. එයාලා ඉන්නේ අපි එක්ක කියලා. ඇයි හිතුවා ඇයට සාධාරණයක් ඉටු නොවුනේ ඒ නිසා වෙන්න ඇති කියා.
ගම් වලින්, ගම්නියම් ගම්වලින් කටුනායකට ඇවිත් සොච්චමක් හොයාගෙන, තුන්වේලෙන් දෙවේලක් කාලා ජීවත් වෙන්න හදන, ආයතනය තුළදී විධ රසායනික ද්රව්යවලට මුහුණ දෙන, ඒ නිසාම දීර්ඝ කාලීන ලෙඩ රෝගවලට ගොදුරු වන, පෝෂ්යදායී ආහාර වේලක් නැතුව, ශරීරයට නින්දක් නැතුව, මානසික , වාචික නිදහසක් නැතිව වැඩ කරන මේ දැරියන්ගේ අනාගතය ගැන කවුද වග කියන්නේ? කවුද වගකිවයුත්තා, සෙවිය යුතුයි නේද මේ දහසක් දුක් විඳින තරුණියන් වෙතින් තම කායික පිපාසාව නිවා ගන්නට උත්සාහ දරන පිරිමින්ට දැඩි දඬුවම් දිය යුතුයි නේද ?
මේ අතර ඔවුන් සුදනන් වීම සඳහා අදාළ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇත්තේ ඇයද වරදකාරියක ලෙස පෙන්වා දෙමිනි. මේවාට සාධාරණ නීති නොමැතිකම හේතුවෙන් කාන්තාවන් අසරණ වන අවස්ථා බොහෝය නමුත් මෙය අප සහ ඇය අතහරින්නේ නැත.
අපි ඉහළම තලයට පවා යන්නේ C190 සම්මුතිය සම්මත කරන්න කියා මෙන්න මේ වගේ දහසක් කාන්තාවන් මුහුණ දෙන ගැටලු වලට පිළියමක් සඳහායි. තවමත් බල දරයින් මේ සඳහා නිසි උත්සාහයක් ගෙන නැති වීම කණගාටුවට කරුණකි.
පහත ඡායාරූපයේ ඇත්තේ ඇගේ දෑතයි. බලන්න ඒවා මහලු කාන්තාවකගේ දෑතක් වගේ. ඔය නවාතැනට පැමිණ අත සේදුවාට පසු තත්වයයි. ඊට පෙර ඔයිට වඩා අතේ හම ගිහින් තියෙන බව අපි දුටුවක්.
නමුත් අපි පහත් ක්රියා අත්හරින්නේ නැත. ඇයට සාධාරණයක් ඉටුවිය යුතුයි
ඇය වැනිම ඔයාකාරයෙන් පීඩනයන්ට මුහුණ තරුණියන් සඳහා , දැරියන් සඳහා අපි හැම විටම ඉදිරියෙන් සිටින්නෙමු.
ඇයට සාධාරණය ඉටු කරන්නට අපි සූදානම්
ඇයට සාධාරණය ඉටු කරන්නට අපි සූදානම්
ඇයට සාධාරණය ඉටු කරන්නට අපි සූදානම්.

(චන්ද්‍රා දේවනාරායනගේ ෆේස් බුක් පිටුවෙනි )