නිදහස් වෙළද කලාපෙන් සතුටුදායක පුවතක්..

0
152

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි easy sale ආයතනය 2021/05/21 වන දින සිට සතියක කාලයක් එහි සේවකයන් සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දී ඇත.

එසේ නිවාඩු ලබාදී ඇත්තේ පවතින කොවිඩ් අවදානම හේතුවෙනි.

එසේම එම ආයතනය පාලනාධිකාරිය සේවකයින්ට පවසා ඇත්තේ තත්ත්වය පාලනය නොවුවහොත් සේවක සෞඛ්‍ය සුරැකීම සඳහා තවදුරටත් සේවකයන්ට නිවාඩු ලබා දෙන්නට තමා සූදානම් බවය.

නිවාඩු ලබාදී ඇති කාලය තුළ යම් සේවකයෙකු positive වුවහොත් හෝ වෙනත් යම්කිසි කරදරයකට පත්වුවහොත් වහාම ආයතනය අමතා ඒ පිළිබඳව දන්වා සිටින ලෙසද දන්වා ඇත.

පවතින covid අවදානමෙන් යන්තම් හෝ මිදීමට තම ආයතනය ලබාදුන් මෙම අවස්ථාව ඉතා අගය කොට සලකන බවත් අනෙකුත් ආයතනත් මෙවැනි ක්‍රියා මාර්ගයක් අනුගමනය කලහොත් සියලුම කම්කරුවන්ට covid අවදානමෙන් මිදීමට හැකිවනු ඇතැයි පවසන එහි සේවකයෝ ව දුරටත් කියා සිටියේ මෙම බරපතළ අවස්ථාවේ ආයතනය විසින් තම සේවකයින්ට නිවාඩු ලබාදී ඔවුන්ගේ ආරක්ෂාව සැපයීම වෙනුවෙන් easy sale ආයතන පාලනාධිකාරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වන බවයි.

(චන්ද්‍රා දේවනාරායනගේ ෆේස්බුක් පිටුවෙනි)