නිදහස් වෙළඳ කලාපේ manpower සේවකයින්ගේ තත්වය

0
220

අල්ලපු කාමරේ ඉන්න කෙනාට හෙම්බිරිසාව චුට්ටක් හැදුනත් හච්චිමක් ගියත් අහල පහල කාමරවල ඉන්න අය බෝඩිමේ අයිතිකරුට ගිහින් කේලම කියනව රෝන්දේ ගිහින් කොරෝන හදාගෙන ඇවිත්ද මන්දා කියලා,wife positive වෙලා .

ඒක නිසා හස්බන්ඩ්ට වැඩට යන්න විදිහක් නෑ ආශ්‍රිතයෙක් නිසා. හිටපු ගමන් එහෙම උනාම ජීවත් වෙන්නේ කොහොමද? ඒ තමයි කලාපේ මෑන්පවර් සේවකයින්මේ දවස්වල මුහුණ දෙන තත්ත්වය,වැඩි දෙනෙක් positive නිසා මේ දවස් වල වැඩට එන්න එපා. දැනුම් දෙන්නම් වැඩට එන දිනය.වැඩක් හොයන්න නිතරම එළියට යන්නත් බැහැ.

එහෙම ගිහින් ආපහු එනකොට බොඩිමේ ඉන්න අනිත් සේවකයොත් boding අයිතිකාරයොත් බර බරේ දානවා මේ දවස් වල ඔහොම ඇවිදින්න ගිහින් කොරෝනා එහෙම හදාගන්නව නෙමෙයි කියලා.

එහෙම වුනොත් වෙන බෝඩිමක් හොයා ගන්න වෙයි කියලත් කියනවා.බෝඩිං වලත් මේ දවස් වල ගන්නෙ බොහොම හොයල බලල .ඒ විතරක් නෙමෙයි සමහර බෝඩින් ගිනි ගණන් .covid නිසා තනි තනිව පාවිච්චි කරන්න කියලා දැන් කටුනායක වැඩිහරියක් තියෙන්නෙ anex .ඇනෙක්ස් එකක් ගන්ඩ ලොකු පඩියක් ගන්න කෙනෙක් වෙන්ඩ ඕනේ.

ඒ නිසා manpower සේවකයෙකුට කාමරයක් හොයාගන්න එකත් ටිකක් අමාරු වැඩක්.මේ දවස් වල නිදහස් වෙළද කලාපය මෑන්පවර් සේවකයන්ගේ තත්ත්වය ඕක. බොහොමයක් ආයතන වල ආසාදිතයින් වැඩි නිසා මෑන්පවර් සේවකයෝ තමයි ලේසියෙන්ම නවත්වන්නේ .එයාලට දෛනික වැටුපට වැඩකරන නිසා වැඩ නොකලොත් පහුවදාට හාමතේ.

ඒ අතරේ positive වෙලා දවස් දාහතරක් කාමරේ ඉන්න උනාම හුඟක් වේල් බඩගින්නෙ ඉන්නෙ. මොකද manpower අය පොසිටිව් වුනාම යන්න තැනක් නැහැ .දැන් ගෙනියන්නෙත් නැහැ. පොඩි කාමරේමයි ඉන්නේ .

කෑම බීම සනීපාරක්ෂක පහසුකම් හෙත් ද්‍රව්‍ය කිසිදෙයක් ඒ අයට නැහැ .අනේ මන්ද වෙලාවකට හිතෙනවා මේ මෑන් පවර් සේවකයෝ කියන්නේ රටේ ආර්ථිකයට උරදෙන පිරිසක් නෙවෙයිද කියලා ඒ තරමට ඔවුන් මේ වෙනකොට කොන් වෙච්ච පිරිසක් බවට පත් වෙලා දුක් විඳිනවා.
චන්ද්‍රා දේවනාරයන