නිදහසේ ,රහට කෑම කන්න නම් grandම තැනක් ! නම වගේමයි වැඩත් !

0
108

grand 2

නමේ හැටියට වැඩ නොකර කටෙන් විතරක් බතල හිටවන්න දක්ෂ ගොඩ දෙනෙක් අපේ සමාජයේ අපිට මුණගැසෙනවා. ව්‍යාපාරිකයන් කියන්නේ ඒ වගේ වැඩ කරන්න දක්ෂ පිරිසක් විදියට තවත් ප්‍රසිද්ධයි.
නමුත් තම ව්‍යාපාරයේ නමේ හැටියටම වැඩ පෙන්වන තැනක අත්දැකීමක් මේ ලගදී දවසක අපට ලැබුණා.

ඒ වෙන්නප්පුව ග්‍රෑන්ඩ් හෝටලය.
පවුලේ පිරිසත් සමග එහි රෑ කෑමකට ගිය අපට එහි සේවක මණ්ඩලයෙන් ලැබුනේ ආදරණීය පිලිගැනීමක්.

අපි එහි ගිය විගසම ඔවුන් විසින් අපට බීම එකකින් සංග්‍රහ කලා. ඒ අපගේ කිසිදු ඇනවුම් කිරීමක් නැතුවයි.
එ පිලිගැනිමේ බිම එක එයාලගෙන්
ඉන්පසු අප ඇණවුම් කල ආහාර සියල්ලක්ම සුළු වේලාවකින් කිසිදු පමා වීමකින් තොරවම අපට ලැබුණා.
ඒ නිසා වෙනත් බොහෝ ආපනශාලා හෝ හෝටල් වල මෙන් කෑම එනකම් හුලං බි බී ඉන්න අපට සිදු වුණේ නැහැ.
ඒ වගේම ඒ කෑම ඉතාමත් ප්‍රනීතයි වගේම නැවුම් කියලත් නොකියාම බැහැ.ඒ වගේම ඔවුගෙන් ලැබෙන ඉක්මන් හා සුහද සේවයත් අගය කල යුතුමයි.
තවත් එක දෙයක් කියන්නම ඕනේ .
දැන් ගොඩක් හෝටල් වල බිල  අතට දුන්නම තමයි තේරෙන්නේ එකේ අස්සේ තියෙන හංගපු ගැහිලි.
VAT /BAT වගේ සහ තවත් දේවල් …
අනේ මෙතන එහෙම නෑ.අඩුම තරමේ සර්විස් චාර්ජ කියලවත් අරන් තිබුනේ නෑ.
මෙතනට රෑ කෑමකට අපි ආවේ කි.මි.25 ක් පමණ දුරගෙවාගෙන කෑම කන්න තියෙන් තැන් ගොඩක් පහුකරගෙන.
ඒත් අපේ තීරණය  හරියට හරි කියල අපට සතුටුවෙන්න පුලුවන් වුණා.
ඇත්තටම ව්‍යාපාරිකයෙකුට ඇත්ත සතුට ගෙන්නේ එයාලගේ සේවය ලබන පාරිහෝගිකයා තෘප්තිමත් නම් විතරයි නේද ?

වරක් පැමිණි විට නැවතත් පැමිණීමේ අවශ්‍යතාවයක් දැනෙන අකාරයෙන් ඔවුන් තමන්ගේ සේවය සපයනවා.
ඒ නිසාම කාලයකට පස්සේ කාපු හොදම රාත්‍රී ආහාරය ලබා ගන්න එදා ග්‍රෑන්ඩ් හෝටලයේදී අපට පුළුවන් වුණා.ඒ නිසයි මේ සටහන තියන්න හිතුණේ.

මිතිලායා ගමගේ

https://www.facebook.com/GrandHolidayResort/