නිමල්කාව ඝාතනය කළයුතු යැයි හඩ්ඩා රටටම කියලා

0
165

Hudson Picture 5.pngඅචාර්ය නිමල්කා ප්‍රනාන්දු විසින් ලිංගික ශ්‍රමිකයන් පිලිබදව කරන්න යෙදුන ප්‍රකාශයක් පදනම් කරගනිමින් පසුගිය දිනවල අන්තවාදි බොදුනු බලවේග මෙන්ම ඊනියා සදාචාරවාදින් විසින් නිමල්කා ප්‍රනාන්දු මහත්මියට එරෙහිව දැවැන්ත මඩ ප්‍රචාරයක් අරභා තිබුණි.
මේ අශිලාචාර මෙහෙයුම කොතරම් බිහිසුණුදැයි පෙනෙන්නේ ඊයේ රජයේ ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහනක් මෙහෙයවමින් හඩ්සන් සමරසිංහ විසින්  කරන්න යෙදුන සාහාසික ප්‍රකාශයන් සහ එම වැඩසටහනට සමබන්ධකරගත් අය විසින් දක්වන්නට යෙදුන අදහස්ය.
ඒවායේදි පැහැදිලිව ප්‍රකාශ කර තිබුනේ නිමල්කා ප්‍රනාන්දුව එක්කෝ  ආරක්ෂක ලේකම්ගේ  විශේෂ ඝාතන ඒකකයක් විසින් හෝ එසේත් නැතිනම් ලොරියක් යොදාගෙන සිදුකරන සැලසුම්ගත රියඅනතුරකින් හෝ ඝාතනය කළ යුතු බවයි.
මේ තත්වය හමුවේ ලොකයේ රටවල් 54 ක් නායකයන් කැදවා පෙන්නවන්නට යන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම දැන් කදිමට හෙළිදරව් වෙමින් තිබේ.
රජයේ මාධ්‍යවේදින් අද එළිපිට මි්නිමරුම් සිය මාධ්‍යයන් ඔස්සේ සැලසුම් කරන තත්වයක් නිර්මාණය වි තිබේ.
මේ නිහින ක්‍රියාවන් සදහා නිතිමය වශයෙන් පියවර ගැනිමට දැනටමත් මානව හිමිකම් ක්‍රියාධරයන් සැලසුම් කරමින් සිටින බවද වාර්ථා වේ.

 

 

 

 වැරදි මත පතුරුවන අන්තවාදින්ට නිමල්කාගෙන් පිළිතුරක්
කැසිනෝ ව්‍යාපෘතියකට ආණ්ඩුවේ ආරාධනයෙන් ජේම්ස් පැකර් ලංකාවට ආවත් අවසානයේ බැනුම් ඇසුවේ ආණ්ඩුව වත් ජේම්ස් පැකර් වත් නොව නිමල්කා ප්‍රනාන්දුය. ගණිකා වෘත්තිය නීතිගත කළයුතු යැයි නිමල්කා පැවසූ බව බොහෝ අධිපති මාධ්‍ය වාර්තා කළේ එවැනි දෙයක් සිය ජීවිතයේ ප්‍රථම වරට ඇසූ අය මෙන් කළබලයෙන්ය. නිමල්කා පවසන්නේ තමන් කිසිම විටෙක ගණිකාවන් යන වචනය භාවිතා නොකරන අතර තමන් භාවිතා කරන්නේ ලිංගික ශ්‍රමිකයන් යන්න බවයි. නිමල්කා ලිංගික ශ්‍රමිකයන් ගැන ඇත්තටම කිව්වේ මොකක්ද කියා සමබිමේ අප ඇගෙන් විමසූ අතර මේ ඇගේ පැහැදිලි කිරීමයි.
www.samabima.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here