නිමල්ගේ තෙල් බැසිල් කථාවට ගම්මන්පිල උත්තර දෙයි !

0
62

තෙල් මිල හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පවතින සබඳතාව තමන් නොදන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා ඇති බව ada.lkවෙබ් අඩවිය වාර්තා කොට තිබේ.ඒ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ මාධ්‍යවේදියෙකු නැගී ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රශ්නය – බැසිල් මහත්තයා ලංකාවට ආවහම ඒ අය කියන විදියට තෙල් මිල අඩුවීමක් වෙයිද ?

පිළිතුර – මම ද දන්නේ නෑ බසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට එන්නේ කවද්ද කියලා. ඒ වගේ මම දන්නේ නැහැ තෙල් මිලයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පැමිණීමයි අතර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. අද මේ තීන්දුව ගත්තේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පත් කරපු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් විසින්. විවේචනය කරන හැමෝටම කියනවා විවේචන වෙනුවට විකල්ප දෙන්න කියලා. අඩු කරනවානම් කොහොමද ඒකට අවශ්‍ය ඩොලර් ටික හොයා ගන්නේ. ඒ සඳහා අරමුදල් හොයාගන්නේ.එහෙම කරන්න භාණ්ඩාගාරය විසින් වෙනත් විකල්ප නැහැයි කිව්වහම  මහ බැංකුව විසින් කළ යුත්තේ මෙය යැයි උපදෙස් දුන්නහම ආණ්ඩුව මේ තීන්දුව ගත්තේ.