නිමල් ලංසාටත් වැඩවරදින ලකුණු ? එළියට ගිහින් ආණ්ඩුවට බනින්න ඇමතිලා ගැන ජනපති කිපෙයි ?

0
40

nimal my 3“ආණ්ඩුවේ ඇමතිකම් කරන්නයි එළියට ගිහින් බොරුවට ආණ්ඩුවට බනින්නයි දෙකක් බැහැ. මම කැබිනට් එකේදී සිරිපාලටත් කිව්වා මාධ්‍ය විසින් පසුගිය දිනක හෙළිදරව් කර තිබුණි.
ඔය කට්ටිය යෝෂිත බලලා, හොරු අල්ලන FCID යට බනිනවා. මොකක්ද මේකේ තේරුම කවුරු හරි ඉන්නවා නම් මේ ආණ්ඩුවේ ඉන්න බැරි එහෙ මෙහෙ කියව කියව ඉන්නේ නැතිව අදම අයින් වෙලා යන්න. දෙපත් නයි වගේ දඟලලා මම අයින් කරලා දානකන් බලාගෙන ඉන්නේ නැතිව” යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඊයේ නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසකට බැන වැදී ඇතැයිද පසුගිය දිනවල මාධ්‍ය වාර්ථා කර තිබුණි.
මෙසේ ජනාධිතිවරයා පවසා ඇත්තේ ශ්‍රීලනිපයේ නිමල් ලංසා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් යෝෂිත රාජපක්ෂ මහතා බැහැ දැකීමට පසුගිය දා රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් එහිදී මාධ්‍ය ඉදිරියේ රජය විවේචනය කිරීම ගැන තදින් උරණ වු ජනාධිපතිවරයා  මෙම ප්‍රකාශය  සිදුකර ඇත.
මේ අතර මීගමුවේ සමිපතම දේශපාලන හිතවතුන් බොහොමයක් සමගින් ඇමති නිමල් ලංසා පහුගිය කාලය තුල මෛත්‍රි විරෝධි ප්‍රකාශ ගැනද සැලකිල්ලට ගැනිමේදි ලංසා ඇමතිවරයාගේ දවල් මිගෙල් රැ දනියෙල් රගපෑමට එතරම් ආයුෂ නැති  බව පෙනේ.
මේ අතර ඇමති ලංසා පළාත් සභා ඇමතිවරයාව සිටි අවදියේදි තමන්ගේ පියාට තනා දුන් වෙරළ උද්‍යානයේ පිහිණුම් තටාකය  ගැන එජාප සංවිධායක රොයිස් විජිත මහතා විසින් දැනටමත් අදාල බලධාරින්ගෙන් කරුණු විමසන්නට පටන් ගෙන ඇතැයිද වාර්ථා වේ.