සරත් ගුණරත්න හා නිමල් ලංසා අතර වුයේ ජන්මාන්තර වෛරයකි.දෙදෙනාම එකිනෙකා දේශපාලනික වශයෙන් අනාථ කිරිම සදහා බොහෝ දේ කළහ.
එහෙත් දැන් ඒ සියළු කෝන්තර හමාරය.
හාදවෙලා යමන් පනේ යැයි කියමින් දෙදෙනාගේම අත්සනින් ජුලි 18 වෙනිදාට මීගමුව නගර ශාලාවට රැස්විමක්ද කැදවා තිබුණි.
මහින්ද පිළ විසින් මෛත්‍රි පිලේ අපේක්ෂකයන් පරදවන්නට මෙහෙයුමක් දියත් කර තිබේ.
මේ සැලැස්මේ කොටසක් ලෙසින් කටාන ආසනය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අපේක්ෂකයන් 04 දෙනෙකු යොදවන්නට සැලැසුම් කර තිබුණි.
ඒ සුදර්ශණි ප්‍රනාන්පුල්ලේ හට කටානෙන් හිමිවන ජන්ද ප්‍රමාණය අඩුකරන්නටය
මේ සැලැස්ම පිටුපස සිටියේ නිමල් ලංසායැයි සුදර්ශණි ප්‍රනාන්පුල්ලේ මැතිණියගේ සමිපතම ආධාරකරුවන්ගේ මතයයි.
කෙසේ වෙතත් කටාන ආසනය සදහා දෙදෙනෙකු පමණක් නාම යෝජනා දිය යුතුයැයි තද ස්ථාවරයක සිටි නිසා ශ්‍රිලනිප බලධාරින්ට අැගේ ඉල්ලිමට ඉඩදෙන්නට සිදුවිය.
සුදර්ශිණි කොන්කිරිිමේ දෙවන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ ඉන්අනතුරුවය.නිමල් ලංසා සිය දේශලපාලන සමිපතයන් හට සුදර්ශණිට ජන්දය දෙන්නට එපා යැයි කියා සිටිම දැන් මීගමුවේ දේශපාලන කවයන්හි ප්‍රසිද්ධ රහසකි.
ඒ අනුව සරත් සහ ලංසා යන දෙදෙනාගේම පොදු සතුරා වන්නේ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණියයි.
ඇය පරාජය කිරිම සදහා දැන් සරත් ලංසා හාදවි හමාරය.
කෙසේ වෙතත් මේ මෙහෙයුමේ ප්‍රධානියා වන්නේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ප්‍රසන්න රණතුංගය.
ඔහුගේ නායකත්වය යටතේ මෛත්‍රිට හිතවාදි මහින්ද පිළේ නොවන ගම්පහ දිස්ත්‍රික් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අය පරාජය කළ යුතුය යන ස්ථාවරයක පිහිටා දැන් මෙහෙයුමක් ක්‍රියාත්මකය.
මේ පිඩනය නිසාම ගම්පහ දිස්ත්‍රික්කයේ ඇමතිධුර දරන කිපදෙනෙකුම පසුගිය දිනක සිය ඇමතිධුර අතහැර දමන්නටද ක්‍රියාකර තිබුණි.
සිය දේශපාලන ජිවිතයේ පළමු වරට ඇමතිධුරයකින් පිදුම් ලැබ තිබු සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණියද ඒ අතර විය.
කෙසේ වෙතත් පුල්ලේ පවුල දේශපාලනයෙන් කොන්කර පහලට දැමිම සදහා රාජපක්ෂ පවුලට අවශ්‍ය ව තිබුනේ බැසිල් රාජපක්ෂ ගම්පහට ඉව අල්ලමින් සිටි සමයේදිය.
එල්.ටි.ටි.ඊ සංවිධානයේ ඉල්ලක්කයක් විය හැකියැයි කිසිසෙත් සිතිය නොහැකි වුවද ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ දේශපාලනයෙන් ඉවත් කිරිමේ එවට ක්‍රියාත්මකව පැවැති දකුණේ දේශපාලන න්‍යාය පත්‍රයක් හේතුවෙන් ජිවිතයෙන් සමුදෙන්නට ජෙයරාජ්හට සිදුවිය.
ශ්‍රිලනිපයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනප්‍රිතම නයකයා වු ජෙයරාජ්ගේ සකලාකාර උදව්උපකාර ලබමින් මීගමුව තුල දේශපාලනයට පිවිස සිටි නිමල් ලංසා ජෙයරාජ්ගේ වියෝවෙන් පසු පුල්ලේ පවුල අතහැර දමා රජපක්ෂ පවුල හා එක්වේ.
දකුණෙන් පැමිණ ගම්පහ දිස්ත්‍රික්කය තුල රාජපක්ෂ පවුලේ කොඩිය දමා ගැනිමට ඇවැසිවු බැසිල් රාජපක්ෂ පුල්ලේ පවුලෙන් ඉවත්වු නිමල් ලංසාව ප්‍රධාන ඉත්තෙකු කරගන්නට කටයුතු කලේය.
සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය බැසිල් රාජපක්ෂගේ ගම්පහ දේශපාලන රාජධානියට තර්ජනයක් වියහැකි යැයි සිතු බැසිල් රාපපක්ෂ සුදර්ශණි හට ආණ්ඩුවේ කිසිදු තනතුරක් ලබා නොදෙන්නටද කටයුතු කලේය.
එපමණක් නොව සිය බිරිදවු පුෂ්පා රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කය තුල කාත්තා නායිකාව ලෙස ගොඩනගා මහඇමැති පුටුවේ තැබිමේ සිහිනයක්ද බැසිල් රාජපක්ෂට විය.
මේ සැලැස්ම වෙනුවෙන් නිමල් ලංසා පුෂ්ෂා රාජක්ෂව ගම්පහ නායිකාව කරන්නට කටයුතු කලේ විවිධ රැස්විම් සංවිධානය කරමින් ගම්පහ වටේම රැගෙන යමිනි.
මිස්ටර් 10% ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි බැසිල් රජපක්ෂගේ එක් ප්‍රධාන ගෝලයෙකු බවට පත්වු නිමල් ලංසා සිය දේශපාලන ජිවිතයට මෙන්ම සිය පවුල වෙනුවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට සිය සැලසුම් සකස් කලේය.
මේ අනුව බැසිල් ලංසා සුසංයෝගය කෝටි ප්‍රකෝටි ගණනින් හම්බකරන්නටද පටන් ගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ දේශපාලකයන් හට කළකිරිම හා ඊෂ්‍යාව පමණක් ඉතුරු කර තබමිණි.
තම දේශපාලනයේ ගුරුපවුල ලෙස කලක් නිමල් ලංසා සලැකු පුල්ලේ පවුල තිරාණාත්මක ලෙසින් අතරහැර දමන්නේ තමන් අංක එකේ ගුණමකුවෙකු යැයි සදාතනික හංවඩුවක්ද සමගිනි.
අරවින්ද පෙරේරා