”නිමල් ලංසා පදනම” අහෝසි කරන්න ඇමති ලංසා සැලසුම් කරන්නේ ඇයි ?ඇයි ?

0
46

nimal supporters 2නිමල් ලංසා පදනම යනු ඇමති නිමල් ලංසා සිය දේශපාලන වැඩපිළිවෙල දියත් කිරිම සදහා පිහිටුවාගත් ප්‍රධානතම වැඩසටහනයි.
රජයේ ප්‍රතිපාදන ජනයා අතර බෙදාහැරිමේදි ඒ සියල්ල පසුගිය කාලය තුල ක්‍රියාත්මක වුයේද මේ නිමල් ලංසා පදනම හරහාය.
එපමණක් නොව ඒවා ජනයා අතරට බෙදා දිමේදි 25% කොටසක් පදනමටද එක්වන ලෙසින් කටයුතු සැලසුම්ව තිබුන බවද නොරහසකි.
ඒ සියල්ල එසේ වෙද්දි පසුගිය දිනක ඇමතිවරයා සිය කාන්තා සංවිධාන වල සාමාජිකාවන් කැදවා කරන්නට යෙදුන රැස්විමකදි කියා තිබුනේ ඉදිරියේදි නිමල් ලංසා පදනම අහෝසි කොට කාන්තා සංවර්ධන සමිති සියලු ප්‍රදේශයන් තුල ස්ථාපිත කරන්නට කටයුතු කරන බවය.
කෙසේ වෙතත ඇමතිවරයා විසින් සිය දේශපාලන ගමන් මගේ ප්‍රධානතම වැඩසටහනක් ලෙසින් ගොඩනැගු නිමල් ලංසා පදනම මෙසේ අහෝසි කරන්නට යන්නේ ඇයිද යන්න ගැන මේ දිනවල මීගමුවේ දේශාපලන කවයන් අතරේ කථා බහ වෙමින් තිබේ.