නිමල් ලංසා මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරන බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන රටටම හෙළිකරයි !

0
99

මංජුල ගජනායමැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය ඊයේ දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් රටපුරා මැතිවරණ නීති උල්ලංඝණය කරන දේශපාලකයන් ගැන විශේෂ හෙළිදරව්ක් කරන ලදි.
මෙම ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා අමු අමුවේ මැතිවරණ නිති උල්ලංඝණය කරමින් මීගමුව තුල මැතිවරණ කටයුතු වල නියැලෙන බවය.නිමල් ලංසා මැතිවරණට ඉදිරිපත්වන බව කියමින් ජනතාව නොමග යවමින් පෝස්ටර් මුලු මිගමුවේ ප්‍රදර්ශනය කර ඇති බවත් ,මැතිවරණ නිතිවලට පටහැනි අයුරින් විශාල පිරිස් රැගෙන ගෙයින් ගෙට යන බවද මෙහිදි කියා සිටියේය.මේ පිළිබද ජනවාරි 27 වනදා පෙරියමුල්ල ප්‍රදේශයෙන් පැමිණිල්ලක් ලැබුන බවද ඔහු අවධාරණය කළේය.

Save