තතු එසේව තිබියදි ඇමති නිමල් ලංසා සිය දේශපාලන ප්රචාරක අවියක් ලෙසින් මිගමුවේ ගිනි නිවන රථ සහ ගිනි බටයන්ද යොදාගෙන දැනට කාලයක් තිස්සේ කටානට වතුර බෙදමින් සිටි.
මෙසේ වතුර බෙදිම සදහා යොදවා ඇත්තේ මිගමුවේ ගිනි නිවන ඒකකය සතු වැඩිම ජලධාරිතාවයකින් යුතු රථය බවද වාර්තා වේ.
මෙසේ මේ රථය වතුර බෙදිම සදහා යොදවා ඇතිඅවස්ථාවක් හදිස්සි ගින්නක් හට ගන්නේ නම් එය නිවිම සදහා එය බරපතල ගැටලුවක් වනු ඇත.
අනික් සරලම කරුණ වන්නේ මිගමුවේ ගිනි නිවන රථ සහ ගිනි බටයන් සිටින්නේ එක එක දේශපාලකයන් පිම්බිමට නොව ගිනි නිවිමට යන කාරණයයි.
මේ අනුව දැනටමත් වසර ගණනාවක් තිස්සේ නිමල් ලංසා මේ ආකාරයෙන් මහජන දේපල දැවන්ත ලෙස අවභාවිතා කොට තිබේ.