නිමල් සරත් ගැටුම උග්‍ර අතට – ප්‍රතිඵල ජනාධිපතිට

0
85

සරත් ලංසා ගැටුම දැන් ජනාධිපති හා අල්ලස් දූෂණ කොමිසම දක්වා ගොස් තිබේ.නිමල් ලංසා ඇමැතිවරයා ගේ අත්සනින් නිකුත් කෙරැණ පැමිණිල්ලක පිටපතක් පසුගිය දිනවල මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබුණි.එයට අනුව නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්ත මහතා රැපියල් කෝටි 500 ක අයථා ලෙසින් උපයා ඇත.

උඩප්පු වත්ත ඉඩම යනු මේ රටේ පරිපාලන අධිකාරියත් දේශපාලන අධිකාරියත් එකට එක්ව අන්ත දූෂිත අයුරින් කටයුතු කළ අන්දම ගැන කියන්නට මීගමුවේ ඇති කදිමම නිදසුනයි.මේ සිද්ධිය අරඹයා මීගමුවේ හිටපු ප්‍රාදේශිය ලේකම් ශාන්ත මුහන්දිරම්ගේ සිට මීගමුවේ දේශපාලකයන් වන සරත් ගුණරත්ත සහ නිමල් ලංසාගේ ජනතාවිරෝධි බව කදිමට හෙළිදරව් වුණි.

උඩප්පුවත්ත ඉඩම යනු ශ්‍රිලනිප සමයේ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ රජයට අයත්ව තිබි පසුව 1977 එජාපය බලයට පැමිණි පසු නැවතත් එහි අයිතිකරුවන් වෙත කිසියම් මුදලක් ගෙවා ආපසු ලබාගන්නට ඉඩ සලසා දිමෙන් පසු ලබාගත්තකි.

සුනාමි ජනතාව සදහා මෙම ඉඩමෙන් කොටසක ලබා ගෙන රතු කුරුස සංගමය නිවාස ව්‍යපෘතියක් අරඹන්නට සුදානම් වු අවස්ථාවේ එයට එරෙහිව මේ ඉඩම  ඉහල මිලකට විකිණිම සදහා තබගන්නට මීගමුවේ එවකට හිටපු ප්‍රා දේශිය ලේකම් වන ශාන්ත මුහන්දිරම් ඇතුළු දේශපාලන නඩය කටයුතු කළේය.එදා සරත් ගුණරත්න මෙන්ම අද නිමල් ලංසාද හිටගත්තේ ජනතාවට පස්ස හරවාගෙනය.

රතුකරුස සංගමයට මේ නිවාස ව්‍යපෘතිය සදහා ඉඩම ලබාගැනිම වෙනුවෙන් නඩු කිමට පවා සිදුවිය. මේ හේතුවෙන් මේ වැඩසටහන ප්‍රමාදවිම නිසා ආදාල අනුග්‍රාහයකයන් මෙම ව්‍යපෘතියෙන් ඉවත්විම හේතුවෙන් රතුකුරුස සංගමයේ ඉලක්ක නිවාස ප්‍රමාණය හදා ගැනිමට පවා නොහැකි විය. කෙසේ වෙතත් අවශ්‍ය වු මුලු ඉඩම් ප්‍රමාණය වෙනුවට ලැබුන ඉඩෙහි පමණක් නිවාස තැනුන අතර මෙකි ව්‍යපෘතියේ නිලනොවන භාරකරුවකු වුයේ මීගමුවේ එක්තරා දේශපාලකයෙකුගේ සමිපතමයෙකි.

දැන් අපි යළිත් සරත් ලංසා ගැටුමේ හරි මැදට පැමිණෙමු.මෙතන ඇත්තේ ජනතාවාදය වෙනුවට සුද්දයයි. එක් අයෙත් තම පුතා ගොඩදාගන්නේ කෙසේ දැයි කල්පනා කරද්දි අනෙකාගේ පරම අභිළාශය මලයා සහ තාත්තා ගොඩදමා ගැනිමයි. එහෙත් මේ දෙදෙනාම කරන්නේ මීගමුවත් ජනතාවත් ගඟේ ඇරිමයි.

අපි මේ ගැන ඉදිරියේදි අපගේ පාඨකයන් වෙත විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන්නේමු.අපට දැනට කියන්නට ඇත්තේ මීගමුවේ ජනතාව හොරු කිදෙනක් සමඟින් හෙළුවෙන් සිටින්නේදැයි දැන ගැනිමට දැන් ඔබට මහඟු අවස්ථාවක් ලැබි ඇති බවය.

මෙම විශේෂ හෙළිදරව්විම් සිදුවන්නේ  රාජ්‍ය අනුග්‍රහයෙන් විම තවත් කරුණකි. ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතියට මේ රජය මෙන්ම එහි ප්‍රබල අනුගාමිකයන් වන සරත් නිමල් දෙපල එරෙහි වුවත් අනෙකා තනියම හම්බකරන් කන සියල්ල අරභයා ජනතාවට තොරතුරු දැනගැනිමට සැලැස්විම් සමාජ මෙහෙවරට දැන් මේ දේශපාලකයන් අතගසා ඇත.

බලාසිටින්න හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.