නියෝජ්‍ය නගරාධිපතිගේ රියදුරාට ප්‍රහාරයක්

0
32

මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ රියදුරා වන ඉසුරු නමැත්තාට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ (ඔක් 01)  වනදා  පහර දී තිබේ.  මෙම පහරදීමට හේතුව වී ඇත්තේ  නියෝජ්‍ය නගරාධීපතිවරයාට මඩකලපුවට යාමට තිබූ අවශ්‍යතාවයක් සඳහා මෙම රියදුරා විසින් අකමැත්ත ප්‍රකාශ කිරීම බවට වාර්තා වේ. නගර සභාවේ සේවය් නියුතු සැම්සන් නැමැත්තෙකු විසින් මෙම රියදුරාට බිම පෙරලාගෙන පහර දී ඇති බව දුටු අය පවසති.