මීගමුව නියෝජ්‍ය නගරාධිති දයාන් ලංසා මහතා සහ මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර යන දෙපල මේ මස 24 වෙනිදා පාප්තුමන් බැහැදැකිමට රෝමය බලා යාමට නියමිත බව අපගේ නගර සභා ආරංචි මාර්ග දක්වා සිටි.
මේ ගමනට දෙපලගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගිවිමට නියමිත තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වා සිටි.
මීපුර මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කරන්නට යෙදුන මරාන්තික ප්‍රහාරයට ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ගණනාවක්ම මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා වෙත ඇගිල්ල දිගු කරමින් රජයට ලිපි ගණනාවක්ම යොමුකර තිබේ.
එමෙන්ම මෙරට ජාතික මාධ්‍ය විසින්ද මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ දයාන් ලංසා යැයිද චෝදනා එල්ල කර තිබුණි.
කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත් පත වෙත අදහස් දක්වමින් ස්වදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමති නිමල් ලංසා කියා සිටියේ තමන්ගේ සොහොයුරා විසින් ප්‍රෙඩි ගමගේට පහර එල්ල කළා යැයි කිම බොරු චෝදනාවක් බවය.