නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා නාගරික ලේකම්වරියට කුණුහරුප කියා බැනවැදිලා?

0
108

Dayan Lපළාත් පාලන ධුරාවලියට අනුව පළාත් පාලන ආයතනයක ඉහල නිලයක් සේ සැලකෙන නාගරික ලේකම්ධුරයට අයිති බලතල රැසකි.
සභා රැස්විම් කැදවිම මෙන්ම කාරක සභාවන් සදහා දින යෙදිම ඇතුලු තවත් බලතල රැසක් එම ධුරයට අයත්ය.
තතු එසේව තිබියදි මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් මීගමුව මහනගර සභාවේ ලේකම්වරියව සිය කාමරයට කැදවා අමු තිත්ත කුණුහරුප කියා බැනවැදි ඇතැයි වාර්ථා වේ.
මේ නිසා ඇතිවු කම්පනය හේතුවෙන් ඇය බරපතල ලෙස අධිරුධිර පීඩන තත්වයකටද පත්ව ඇත.
මෙසේ බැන වදින්නට හේතුව ලෙස වාර්ථා වන්නේ සෞඛ්‍ය කාරක සභාවට ලේකම් වරිය විසින් දින නියම කිරිම සම්බන්ධයෙනි.
කාරක සභා රැස්විම් හි දින නියම කිරිමේ වගකිම ඇති බලධාරියා වන්නේද ඇයයි.
පසුගිය සිකුරාදා දිනයේ දි නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෑතකදි නගර සභාවට පත්ව ආ ඉජිනේරුවරයාටද කුණු හරුප කියා බැන වැදි ඇතැයි වාර්තා වි තිබුණි.
නම සදහන් කිරිමට අකමැති වු නගර සභාවේ සේවකයෙකු මීපුරට කියා සිටියේ අපොස සා/පෙ වත් පාස් නැති අය මෙවැනි වගකිව යුතු නිලවලට පත්කරන නායකයන්ට දඩුවම් කළ යුතුබවය.
මහත්තුරුන්ගේ ඇදුම වන ටයිකෝට් පැළදි පමණින් මහත්මයෙකු වෙන්නට දායන් ලංසා ලා වැනි දේශපාලකයන්ට කිසි දිනක හැකිනොවන බව යළි යළිත් සනාථ කෙරෙමින් ඇති සත්‍යයයි.