නියෝජ්‍ය සභාපතිකමට තරඟ කළ පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි පරදියි ?

0
78

hecorවයඹ පලාත් සභාවේ නියෝජ්‍ය සභාපතිධුරය සදහා විපක්ෂය වෙනුවෙන් තරග කරන ලද එජාප මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පරාද වි ඇතැයි වාර්තා වේ.
මේ අනුව වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිධුරය සදහා ආණ්ඩු පක්ෂ පළාත් සභා මන්ත්‍රි ටිකිරි අධිකාරි මන්ත්‍රිරයා තේරි පත්වි ඇත.
ඒ වැඩි ඡන්ද 16 කිනි.
නම සදහන් කිරිමට අකැමති වු එජාප ජේෂ්ඨයෙකු මීපුර වෙබ් අඩවියට  පවසා සිටියේ පසුගිය සමයේ අාණ්ඩු පක්ෂයේ මුදල් වලින් රටසවාරි ගසමින් මන්ත්‍රිධුරයක වටිනාකම කෙලසා ඇති හෙක්ටර් අප්පුහාමි වැනි පුද්ගලික ලාභය පමණක් වෙනුවෙන් වැඩකරන දේශපාලකයන්ට මෙය තවත් හොද පාඩමක් බවය.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පළාත් සභාව තුල ප්‍රතිපත්තිගරුකව වැඩකරන්නේ තරුණ මන්ත්‍රිවරයෙකු වන චිත්‍රාල් ප්‍රනාන්දු පමණක් බවද ඔහු අවධාරණය කර සිටියේය.
තවදුරටත් අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ විදෙස් ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවට ගොස් පැමිණි පසු රටේම මන්ත්‍රිවරුන්ට ආදර්ශයක් දෙමින් චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා වාර්තාවත් ඉදිරිපත් කර ඇති බවය
එහෙත් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රිවරයා වරක් පළාත් සභා මන්ත්‍රිවරුන් සදහා වු විදෙස් චාරිකාවක් අත්හිටුවන්නට යැයි මහ ඇමති වරයා ම නියෝග දි තිබියදි ආණ්ඩු පක්ෂය හා එක්ව හොරෙන් ඒ ගමන ගොස් සිටි බවද කියා සිටියේය,
එබැවින් එළඹෙන මැතිවරණයන් වලදි රටට හෙටට ගැලපෙන යහපාලනයක් ගොඩනගන්නට නම් මහජන සේවය සදහා ලබාදුන් වාහන රෙදිවලින් පොරවා ගෙවල් ඇතුලේ සහවාගෙන සිටින මන්ත්‍රිවරුන් කිසිසේත් නොගැලපෙන බවද කියා සිටියේය.