නිරෝධායන නිවසක් ස්ටිකර් ගහල ගමටම කියන PHI ලට බැරි ඇයි ඒක ගලවන දාටත් එන්න ???

0
211

stock-vector-shelter-in-place-pandemic-of-coronavirus-and-social-distancing-staying-at-home-with-self-1671084835මේ රටේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට එල්ල වෙලා තියෙන බරපතල චෝදනාවක් තමයි නිරෝධායන පවුලක් කියල ගෙවල්වල්  ගේට්ටුවල ස්ටිකර් අලවල ගමටම දැනුම් දිල ගියාට පස්සේ මේ පවුල් තම නිරෝධායන කාලය හමාර වුනාම ඇයි එයාලට බැරි ඇවිත් ආයෙ ගමට කියල ඒ පවුලට නිරෝධායනය සාර්ථකව අවසන් කරල දැන් අවුලක් නැ කියල අර ස්ටිකර් එක එයාලම ඇවිත් ගහල වල දාන්න කියන එක.
දැන් පිටිපන පැත්තේ ගෙදරකට එයාල දන්න කියන නාවින හමුදාවේ භටයෙක් එනවා. ඊට පස්සේ මේ කථාව  PHI ලටත් ගිහින් එයාල ඇවිත් ගේට්ටුවේ මේ පවුල නිරෝධායන පවුලක් කියල අලවල යනවා.
දැන් දින ගාන හරි .ඒ පවුලේ අය  PHI ලට මේ ගැන කිව්වම එයාල කියනවලු එයාලට එන්න බැ ඒ පවුලේ අය නගර සභාවට ඇවිත් නිරෝධායන සහතිකය අරගෙන යන්න කියල.
එතකොට අර ගෙදර මිනිස්සු දැන් ගෙවල් ගානේ ගිහින් කියන්නද අපට කොරෝනා නැ ඔයාල බයවෙන්න එපා කියල.දැන් ඔය පිටිපන පැත්ත බලන මහත්තුරුන්ටත් යතුරු පැදි දිල තියෙනව නේද . කරවල මුදලාලිලව එහෙම හම්බවෙන්නත් එනවනේ ….????
මෙතන තියෙන ප්‍රශ්ණය මේකයි .
කොරෝනා ඇත්තටම පාලනය කරන්න ගම්වල මිනිස්සුනේගේ මනෝභාවයන් තේරුම් ගන්න මේ ගොඩක් මහත්තුරුන්ට බැරි වෙලා තියෙනවා.
PHI ල ඒකයි ආසාදිත ගෙවල් ගානේ යන කොට ගම්වල ඉන්න ප්‍රාදේශිය වාර්තාකාරයන්වත් පිරිවරාගෙනන යන්නේ . එතකොටම තේරෙනවනේ එයාල මානසික මට්ටම .
මේක තමයි සහතික ඇත්ත.
දැන් අර කදුසුරිදුගම දරුවෙක්ට කොරෝනා කියල මාධ්‍යකාරයොයි  PHI ලයි මොන සංදර්ශනයක් දැම්මද ? ඊට පස්සේ තමයි දැනගන්නේ ඒ පවුලේ කාටවත් කොරෝනා ආසාදිත වුනේ නැ කියල.මේ දවස්වල වාර්තා වෙන විදියට අර පොඩි එකාගේ වාර්තාවත් වැරදි එකක් වෙන්න ඇති.
ඒත්  එ පැත්තේ  PHI ල හෙන ගෙම්බර් .
ඒ පවුලේ අයටත් නිරෝධායන සහතික දෙන්න යනකොට හිරිහැර ගොඩක් කරල තියෙනවා.
මේක තමයි ඇත්ත .
ඉතින් කොහොමද අප  වසංගතවලදි අර්බුද ජයගන්නේ ?????