.මේ හේතුවෙන් කුට්ටිදූව ප්‍රදේශයේ පවුල් 400 ක් ද වැල්ලවීදිය සහ කුඩාපාඩුව යන ප්‍රදේශවලින් තවත් පිරිසක්ද සිය ජිවනෝපාය සරිකරගැනිමට නොහැකි අර්බුදයකට මුහුණු දි දුණි.
සෞඛ්‍ය බලධාරින් විසින් මේ තිරණය ගෙන තිබුනේ කුට්ටුදුවේ මෙන්ම මිගමු වැල්ලේ සිටින කරවල නිෂ්පාදනයේ යෙදෙන අයගෙන් සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ වලදි කොරෝනා ආසාදිතයන් පිරිසක් හදුනාගෙන තිබිමත් සමගින්ය
කෙසේ වෙතත් පවතින වාතාවරණය හමුවේ කොරෝනා මැඩපැවැත්විමට ගතයුතු ඉහලම ක්‍රියාමාර්ග ගතයුතුව තිබේ.එහෙත් එය සැබැවින්ම සාර්ථක වනු ඇත්තේ ඉන් ආදායම් මාර්ග අහිමිව පිඩාවට පත්වන ජනයාගේ ප්‍රශ්ණයද නිසි ලෙසින් අවදානය යොමු කිරිමට රජය මැදිහත් වන්නේ නම් පමණි.
මේ අතර කුට්ටිදූව සහ මිගමු වැල්ලේ කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවිමත් සමඟින් ඒ ප්‍රදේශයේ කරවල නිෂ්පාදනය නැවත දැනුම් දෙන තුරු නවතා දැමුනද එය කරවල නිෂ්පාදනයෙන් ජිවිකාව සරිකරගත් පවුල් වලට මෙය සැබැවින්ම බරපතල අපහසුතාවයකි.
එබැවින් ඒ අයගේ ප්‍රශ්ණවලට යොමුවිම බලධාරින්ගේ වගකීමකි.
තතු මෙසේව තිබියදි පසුගිය දිනවලදි මීගමුව කුඩාපාඩුව වැල්ලේ කිසියම් පිරිසක් කරවල නිෂ්පාදන කටයුතු අරභා ඇතැයි වාර්තා විය.
මේ සම්බන්ධයෙන් පොලිසියට මෙන්ම සෞඛ්‍ය බලධාරීන් වෙතද දැනටමත් දැනුම් දි තිබුණද එය නැවැති තිබුනේද නැත,
කෙසේ වෙතත් මේ පසුබිම තුල නිරෝධායන නිතියට පිටින් යමින් කරවල නිෂ්පාදනයේ යෙදුන පිරිසකට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නඩු දමා ඇතැයි වාර්තාවේ.
මේසේ නඩු පැවරි ඇති පිරිස 17 දෙනකු පමණ වන බව සැලය