නිරෝධායන නීති රෙගුලාසි වලට පටහැනිව හැසිරුණ මේ PHI ගැන සෞඛ්‍ය බලධාරින් නිහඩද ?

0
59

PHI diasanayake

මීගමුව පුරවරයෙන් බිහිවු අතිදක්ෂ ටෙලිනාට්‍ය ශිල්පියෙකු වන සුනිල් කොස්තාගේ Can your hear me ටෙලිනාට්‍ය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ජාතික රූපවාහිනිය තුල මේ දිනවල  විකාශය වෙමින් තිබේ.
එහි ප්‍රධාන චරිතය රඟපාන්නේද මෙවර දක්ෂතම නිළිය සහ ජනප්‍රිය නිළියට හිමි සම්මානය එකවර දිනාගත් මිගමුවෙන් බිහිවු අති දක්ෂ  රංගන ශිල්පිණියක වන ශලනි තාරකාය.
මෙම කණ්ඩායම පසුගියදා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරිමටත් කලින්ම සැලසුම් කරගෙන තිබුන  පරිදි බණ්ඩාරවෙල සිය රූගත කිරිම් වලට ගොස් තිබුණි.

අවැසි සියළු අනුමැතින්ද සහිතව ටෙලිනාට්‍යයේ රූපගත කිරිම් සදහා බණ්ඩාරවෙලට  ගොස් සිටියදි ඒ අයව නිරෝධායනය කිරිමට කටයුතු කර තිබුණ බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරික්ෂක දිසානායක නැමැත්තෙකු මේ කාන්තාවන් සිටින පුද්ගලික කාමරයක් තුලට ගොස් කරනු ලබන කරුණු පැහැදිලි කිරිමක් විඩියෝ ගතකොට මේ වන විට සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි කිපය සංසරණය වෙමින් තිබේ.

මෙවැනි සදාචාර විරෝධි මෙන්ම වෘත්තිය විරෝධි ලෙස හැසිරෙන මේ දිසානායක  නැමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයගෙන් අප මිට සුළු මොහොතකට පෙර විමසා සිටියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජේනරාල්තුමන් විසින් ඉතා පැහැදිලි ලෙසින් නිර්දේශ නිකුත් කර තිබියදි නිරෝධායනය ලක්වන අයගේ පුද්ගලිකත්වටද හානි කරමින් මේ අචාරධර්ම විරෝධි ක්‍රියාව කරන්නට ඔහුට බලය දුන්නේ කව්දැයි යනුවෙනි.

එයට නිසි පිළිතුරක් ලබා නොදි දැන් වැඩ ගොඩක සිටින බව පවසා දුරකථනය විසන්දි කලේය.

පසුව අප මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජේනරාල්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ ඒ නිර්දේශ කඩකරන්නේ නම් සෞඛ්‍ය බලධාරින් විසින් ආදල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට එරෙහිව පියවරගැනිම ඒ අයගේ වගකිමක් බවය.

මේ වෘත්තිය විරෝධි බාල හැසිරිම ගැන විමසිම සදහා  අවස්ථා ගණනාවකදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයාගේ දුරකථනයට ඇමතුම් 15 ක් පමණ ලබාදි තිබුණද එයට ප්‍රතිචාරයක් ඔහු දැක්වුයේ නැත.

කෙසේ වෙතත් කොරෝනා වාර්තා කරණයේදි මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළ යුතු ආකාරය ගැන රජය ඉතා පැහැදිලි ලෙසින් නිර්දේශ නිකුත් කොට තිබියදි එයට පටහැනිව පිස්සන් සේ කව්රුන් හෝ හැසිරෙන්නේ  නම් ඒ අයව විනය ගත කිරිමේ වගකිම අදාල  සියළු බලධාරින් වෙත පැවරේ.
මේ අනුව එතන විඩිියෝ කිරිම සිදුකරන්නට යෙදුනේ මාධ්‍යවේදියෙකු නම් ඉතා පැහැදිලි ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් වරයා එක මාධ්‍යවේදියාගේ මාධ්‍ය භාවිතය ගැන විමර්ශනයක් කළ යුතුව තිබේ.

එමෙන්ම අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ හැසිරිම ගැන ඔහු අයත් සංගමය මෙන්ම අදාල සෞඛ්‍ය බලධාරින් විසින් කටයුතු කළ යුතුව තිබේ