නිරෝෂන් පෙරේරා යනු වෙන්නප්පුව ආසනය තුල තනි හිතුවක්කාර ආකාරයෙන් පක්ෂයේ වැඩකටයුතු කරගෙන යන දේශපාලකයෙකි.මේ නිසාම ඔහු කිසිවිටකත් ප්‍රදේශයේ අනෙක් සහෝදර දේශපාලකයන්ට කිසිදු ඉඩක් ලබානොදුන් ඒකාධිපති ආකාරයෙන් කටයුතු කල අයෙකි.පළාත්පාලන අපෙක්ෂක ලයිස්තුව හැදෙන්නේද මේ හිතුවක්කාරි මැදිහත්විම් හරහා මිස පක්ෂයේ සහෝදර දේශපාලකයන් හා කිසිදු කතා බහකින් තොරවය.නිදසුනක් ලෙස ඒ ප්‍රදේශයේ සිටින දක්ෂ ප්‍රතිපත්තිගරුක තරුණ දේශපාලකයෙකු වන චිත්‍රාල් හට කිසිදු ඉඩක්දිමට නිරෝෂන් වගබලා ගනී.පළාත් පාලන අපේක්ෂක ලයිස්තුවට කසිප්පුකාරයන්ගේ නියෝජනයන් එන්නේද නිරෝෂන්ගේ මේ සිමාවන් හේතුකොටගෙනය.එපමණක් නොව හැට පැන්න ඇතැම් කාන්තාවන් පවා ලයිස්තුවට එන්නේ මේ අනුවය.මේ අනුව නිරෝෂන් ප්‍රනාන්දු දැන් වපුරපු හැටියට අස්වැන්න නෙලාගෙන ඇත.ඒ රටම කතා කරන
වෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදීය. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය වන සුපුණි දුලංජනී ප්‍රනාන්දු මේ වන විට ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් වාහන පරීක්ෂාවක් සිදු කරන අතරතුර ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත මන්ත්‍රීවරිය සහ ඇගේ සොහොයුරිය අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිදුවිම පිලිබදව මේ වන විට පුළුල් කතිකාවක් සමාජ මාධ්‍ය ඔස්සේ මතුව තිබේ.වැරැද්දක් කොට චණ්ඩි පාට්දැමිම යනු සිය මන්ත්‍රී මාන්නය හිතට ගැනිමකි.කෙසේ මෙය නිරෝෂන්ගේ දේශපාලන භාවිතාව ගැන ඔහුටම යළි සිතාබලන්නට කදිම අවස්ථාවකි.