නිරෝෂන් ඇතුළු වැඩ බැරි ටාසන්ලා නිසා පුත්තලම් දිස්ත්‍රික්කය පරදී …

0
65

niroshanයළිත් මැතිවරණයක් සදහා සියලූම දෙනා ලකලෑස්ති වෙමින් තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ආසන 05න්  දිනාගත් එකම ආසනය වූයේ පුත්තලම ආසනයයි. පුත්තලම ද දිනාගත්තේ ඒ ප්‍රදේශයේ සිටින මුස්ලිම්  ජනතාව නිසා මිස විපක්ෂයේ කිසිදු ශක්තියක් මත නොවේ. අනෙක් සියලු ආසන සියල්ලේ ජය මහින්ද රාජපක්ෂටහ හිමිකර දුණි..
මෙයට  මාර්ගය සැකසුනේ  අවුරදු කීපයක් පුරා පුත්තලම් දිස්ත්‍රික්කයේ  එජාප මන්ත්‍රීවරුන් හා සංවිධායකයන් අතර තිබූ  කඹ ඇදිල්ලයි.  කොටසක් රනිල්ව ගෙදර යවන්නට යටින් වැඩකරමින්   සජිත් ප්‍රේමදාසගේ න්‍යාය පත්‍රය දියත් කළේය. තව කොටසක්  පරදින පක්ෂයකට බැහැලා වියදම් කරන්නේ මොකටද කියා ගෙදර බුදියාගෙන සිටියේය.
බොහෝ අය ඡන්දයට පමණක් කළඑලි බැස කඩිමුඩියේ වැඩකරන්නට පටන් ගත්තතෝය.
මේ සේ කලඑළි බැසගත් බොහෝ එජාප මන්ත්‍රීවරුන් අමාරු කාලයේ විපක්ෂය ගොඩදා ගැනීමට සතපහක වැඩක්, හෝ ආන්ඩු විරෝධයක් මතුකරගැනීමට කිසිදු උත්සාහයක් නොදැරූ අය වෙති.
තමන්ගේ මනාප ටික ගොඩදා ගනිමින් පළාත්සභාවට හෝ ප්‍රාදේශීය සභාවට වී ආණ්ඩු පක්ෂයත් සමග කරට අතදාගෙන  තමන්ගේ කොන්ත්‍රාත් ටිකෙන් ගොඩ යාගන්නට උත්සාහ දැරුවා විණා යූඑන්පීය  ශක්තිමත් කරන්නට කියා අහවල් කෙංගෙඩියක් වත් කළානම් ඒ ඉතාම සුලුතරයක් පමණි.
මේ රටේ මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනයට එරෙහිව නොබියහ පාරට බැස ජනයා අවදිකරන්නට මුලිකත්වය ගත් නිදහසේ වේදිකාව පුත්තලම් දිස්ත්‍රික්කයේ බහුතරයක් එජාප සංවිධායකයන් හට නයාට අදුකොල මෙන් විය.
නිදහසේ වේදිකාව ගොඩනැගූ මුල් අවදියේ සිට වෙන්නප්පුව සහ අවට  විපක්ෂයේ සාමාජිකයන් එකතුකර යම් ශක්තිමත් වැඩක් ගොඩනගන්නට උත්සාහ දැරූවද එයට වලකැපූ අය අතරින් එක් ප්‍රධානියෙකු වූයේ නිරෝෂන් පෙරේරා වේ. ඔහු කිසිවිටක නිදහසේ වේදිකාව සමග කිසිදු හමුවකට හෝ තම නායකයා පවා සහභාගී වූ පොදු අවස්ථාවන් වලට සහභාගී වයේ නැත. මගහැරියා මෙන්ම අනෙක් මන්ත්‍රීලාටද එය මගහරින ලෙස උපදෙස්  දුන්නේය.
වරක් නිදහසේ වේදිකාවේ පුත්තලම් දිස්ත්‍රික් නියෝජිතයන් පිරිසක් වෙන්නප්පුව විපක්ෂ නායක ජුඩ් ප්‍රනාන්දු හමුවි නිදහසේ වේදිකාව වෙන්නප්පුව තුල සංවිධානය කිරිමට එක්ව වැඩ කරමු යැයි සාකච්ජා කරගත්තද ජුඩ්  කියා සිටියේ තමන් ඒ සදහා කැමැත්තෙන් සිටියද තම නායකයා වු නිරෝෂන් ගෙන් එය විමසා බැලිය යුතු බවය.
මේ ගැන විමසිම සදහා ඔහු  නිරෝෂන් පෙරේරා වෙත දුරකථක අැමතුමක් දුක් අවස්ථාවේ නිදහසේ වේදිකාවේ පුත්තලම් දිස්ත්‍රික් ප්‍රධානින් පිරිසක් හමුවේ  ජුඩ් ප්‍රනාන්දු අපහසුවට පත්වු අයුරු අප ඉතා හොදින් දනිමු.
කෙසේ වෙතත් සිය නායකයාගේ අකමැත්ත ගැන ඒ මෙහොතේ අප හට පවසා නොසිටියද අප එය ඉතා හොදින් තේරුම් ගතිමු.එඒ අනුව නිරෝෂන් පෙරේරා යනු මහින්ද පාලනය පෙරළා දමන්නට කිසිදු මැදිහත්විමක් නොකල සැගවුණු  අමුත්තෙකු පමණක්ම විය.
පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන තවත් වැඩබැරි ටාසන් කෙනෙකු වුයේ හෙක්ටර් අප්පුහාමිය.
පසුගිය පළාත් සභා මැතිවරණයෙදි සිය පක්ෂ ලේකම්වරයා මහවැව පොළට පැමිණ මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනයට එරෙහි පත්‍රිකා බෙදද්දි හෙක්ටර් අප්පුහාමි කලේ මනාප පස්සේ යමින් මහවැව සිය කාර්යාලයට වි සිටිමය.එපමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යැවු 18 සංශෝධනය අවස්ථාවේ රටපුරා මෙන්ම වෙන්නප්පුවේදි නිදහසේ වේදිකාව විසින් ක්‍රියාත්මක කළ උද්ඝෝෂණ වැඩපිළිවෙල සමයේ ඔහු සිටියේ මහින්ද පාලනයේ මුදල් වලින් චිනයේ රෝන්දේ ගසමිනි.

සජිත් ප්‍රේමදාසගේ න්‍යාය පත්‍රය කරේ තියාගෙන ගිය පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධානියා වුයේද හෙක්ටර් අප්පුුහාමි වු අතර ඔහු ද
මැතිවරණ හමුවේ තමන්ගේ මනාප ටික පමණක් ගොඩදාගැනීමට වැඩ කළා මිස රට ඒකාධිපතිවාදයෙන් මුදවා ගැනිමට කිසිදු ක්‍රියාකාරි අරගලයක නිරත වුයේ නැත
වාර්තා වන අන්දමට පසුගිය ජනාධිපතිවරණයේදී  යු.එන්පී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මහින්ද පිල දිනනවා යන අදහසින් සිට ඇති අතර සාමාන්‍ය භාෂාවෙන්  කිව්වොත් වැඩේ කරට අරන් ඇදප බවක් පෙනෙන්නට නැත.
මේ අතර නිරෝෂන් පෙරේරා සිය පියාගේ  ජනප්‍රියත්වයෙන් වැඩේ ගොඩදාගත් අතර පාර්ලිමේන්තවට පත්වී වසර ගණනාවක් යනතුරුත් සිය ජන්දදායකයින්ගේ මුහුණක් දකින්නටවත් වෙන්නප්පුවට පැමිණියේ නැත.
ඔහු තාත්තාගේ කාලයේ පටන් කාර්යාලයේ සිටින ප්‍රධාන චක්ගෝලයෝ දෙන්නාගේ උපදෙස් හැරෙන්නට කිසිවෙකුගේ යෝජනාවක් හෝ උපදෙසකට සවන් දෙන්නේ ද නැති බන දන්නෝ දනිති. ඒ වගේම සිය පවුුලේ දේශපාලන අධිකාරිය නැතිවේ යැයි යන බිය නිසා ප්‍රදේශයේ තමන්ට වඩා කිසිවෙක් ජනප්‍රිය වේගෙන එනවා නම් ඔහුවද කපාගෙන යන්නට  වැඩ පටන් ගෙන තිබුණි. තමන්ට කැමති අයව පමණක් තමන් වටේ තබාගැනීමේ කුටුම්භ පිළිවෙත නිසා  පුළුල් පිරිසකගේ ශක්තිය ගොනුකරගැනීමේ අධිකාරිය හා හැකියාවද ඔහුගෙන් ගිලිහුණි. මිනිසුන් සංවිධානය කිරීම පිළිබද මෙලෝ හසරක අත්දැකීමක් නැති නිරෝෂන් පෙරේරාට ඒ නිසා ” පැරිෂුට්කාරයා ” යැයි ද නමක් පටබැදුණි.  එමෙන්ම   විපක්ෂය දිනවීම සදහා ඇතිවිය යුතු පෞරෂය හා ඉදිරිය දැකීමේ නායක ලක්ෂණ ඔහුගෙන් ගිලිහි ඇත. ජනවාරි 08 යූඑන්පීය පුුත්තලම් දිස්ත්‍රික්කයේ දී පරාජය වීමට බලපෑ ප්‍රදාන ප්‍රශ්නය මෙයයි.
දැන් යළිත් මැතිවරණ උණුසමක් පැමිණ තිබේ.
එළඹෙන මැතිවරණයට යන්නේද මෙවැනි වැඩබැරි ටාසන්ලා සමගින් නම් පුත්තලම් දිස්ත්‍රික්කයට දෙයියන්ගේම පිහිටය.එබැවින් ගෝත්‍රවාදි නිරෝෂන්ලාගෙන් පුත්තලම් දිස්ත්‍රික්කය බේරාගත හැක්කේ පුත්තලමට උගත් ක්‍රියාකාරි තරුණ දේශපාලකයන් පෙරට ගෙන එමෙන් පමණි.