නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්..

0
79

Niroshan-Dickwella

ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම නිසා ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට සීමිත ඕවර ක්‍රිකට් තරග දෙකක තහනමක් පැණවීමට ICCය තීරණය කර තිබෙනවා.ඒ අනුව හෙට දිනයේදී පැවැත්වෙන් 20/20 තරගයට ඔහු ක්‍රීඩා කරන්නේ නැත. අනවශය හැසිරීම් සදහා ICCය විසින් ලබා දෙන ලකුණු 5 මාස 24ක කාලයක් තුල දික්වැල්ල විසින් ඉක්මවා යාම නිසා මේ තරගතහනම ඔහුට පනවා තිබෙනවා. ඊට අමතරව තරග ගාස්තුවෙන් 30%ක දඩයක්ද ඔහුට පැණවෙනු ඇති.

පසුගියදා ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී  දික්වැල්ල දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස විනිසුරුවන් විසින් නම් කලවිට විනිසුරුවන්ගේ තීරණය පිලිනොගන්නා හැසිරීමක් දැක්වීම තුලින් ICC චර්යාධර්ම කඩ කිරීම නිසා ඔහුට මෙම දඩය හා තරගතහනම පැණවෙනු ඇති.