නිරෝෂන් සහ රොයිස් ?

0
53

roies and niroshanනිරෝෂන් යනු පාරම්පරික එජාප පතාක යෝධයෙකුගේ පවුලේ පක්ෂ බුදලය අතේ අරන් පැමිණි අයෙකි.
ඔහු පුත්තලම් දිස්ත්‍රික් නායකයාද වෙයි.
එහෙත් පසුගිය ජනපතිවරණයේදි ඔහු නායකත්වය දුන් දිස්ත්‍රික්කයෙන් යන්තම් ජයගන්නට ලැබුනේ පුත්තලම ආසනය පමණි.
ඒ ද මුස්ලිම් ජනයාට පින්සිදු වන්නටය.
ඉතිරි ආසන 4 ම යහමින් පැරදුනුයේය.රොයිස් යනු දේශපාලනයට නවකයෙකි. ඔහුගේ පවුලට හිමි පක්ෂ බුදලයක්ද නොවිය.
මැතිවරණ සමයේ මහින්දගේ පාලනයේ න්‍යාය පත්‍රය අංක එකට ක්‍රියාත්මක විම හරහා ජනපතිවරණ සටනේ වැඩි දින ගණනක් ඔහු ගතකළේ හිරගෙදරය.
එහෙත් ජනපතිවරණයට දින 10 ක් පමණ තිබියදි ලද නිදහස උපරිම අයුරින් සංවිධානගතකරමින් පසුගිය වසරේ මුල භාගයේ ඡන්ද 6000 කින් පමන පැරදුන මීගමුව ආසනය වැඩි ඡන්ද 28000 කින් ජයගන්නට ඔහුට හැකි විය.
නිරෝෂන් සහ රොයිස් යන දෙදෙනාගේ වෙනස කුමක්ද ?
රොයිස් සිටින්නේ මිනිසුන් සමග පොළවේය.
නිරෝෂන් සිටින්නේ ආකාශේ වළාකුලු අතරය..