නිලධාරියෙකුට තර්ජනය කළ මැර මන්ත්‍රිට එරෙහිව නීතිය කෝ ?

0
82

  ඊයේ ( 17 ) මීගමුව එජාප මන්ත්‍රී වරයෙකු නගරසභාවේ  ඉංජිනේරු කාර්යාලයට කඩාවැදී  එහි ඉංජිනේරු තැන සහ තාක්ෂණික නිලධාරීන්ට "අතපය කපනවා " යනාදී වචන භාවිතා කරමින් බැනවැදී ඇති බවක් අප දැනටමත් හෙළිදරව් කර ඇත. 
මෙම සිදුවිම ගැන වැඩිවිස්තර  දැනගැනීම සඳහා අප නාගරික මන්ත්‍රී කපිල නන්ද සුලෝචන මහතා හමුවුනෙමු.

මෙම තර්ජනය කර ඇත්තේ එජාපයේ සංවිධායක මන්ත්‍රී වරයා බව පසුව ආරංචි විය. තමන් මැදිහත්ව ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුවක් සඳහා මුදල් අනුමත නොකිරීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත .

මේ අනුව මීගමුව , කැපුන්ගොඩ සාන්තඅන්තෝනි වටරවුම පාර කානු දමා සංවර්ධනය කිරීම යන ව්‍යාපෘතිය සඳහා ඉහත දැක්වූ එජාප සංවිධායක මන්ත්‍රී වරයා වන ගිහාන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ සමීතියකින් ක්‍රියාත්මක කිරීමට භාරගෙන තිබිණ.

නමුත් මේ සඳහා අදාල ප්‍රමිතියට අනුව යකඩ යොදාගන්නේ නැතිව සිදුකර ඇති බවට ප්‍රදේශවාසීන් විසින් නගර සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ල අනුව තාක්ෂණික නිලධාරි සහ ඉංජිනේරු වරයා එම ස්ථානයට ගොස් විමසා බැලූවිට එය සත්‍ය බව ඔවුන්ට පැහැදිළිවී ඇත .

එබැවින් මේ සඳහා මුදල් අනුමත කිරීමට නොහැකි බවත්, එය ප්‍රමිතියට අනුකූල නොවන බවත් ප්‍රකාශ කළ හෙයින් එජාප සංවිධායකයා එම නිලධාරීන්ට මෙසේ තර්ජනය කළ බව කපිල මන්ත්‍රී වරයා අප සමග පැවසීය .

මීගමු නගරසභාව දූෂිතම නගර සභාව ලෙසින් තහවුරු වී ඇති බව සඳහන් කරන්නේ එහිම සිටින මන්ත්‍රී වරුමය. මෙකී හංවඩුව ඉදිරියට ගෙනයාම සඳහා මේ මහත්තුරු විශාල සේවාවක් කරන බව පැහැදිළිය.

පසුගිය 09 වනදා පැවති අයවැය පිළිබඳ සාකච්ඡාවේදී සංගීත් නාගරික මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේ 70%ක්ම මේ නගර සභාවේ සිටින්නේ හොර මන්ත්‍රී වරු බවය. එහිදී ඔහුට බාධාකළ මන්ත්‍රී වරු සංගීත් මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයට විරුද්ධත්වය පෙන්වා ඇති හේතුව මේ සිදුවීම් තුළින් මනාව පැහැදිළි වේ.
මහනගර සභාව තුලදිම රජයේ නිළධාරියෙකුට මරණ තර්ජන එල්ල කළ මිගමුවේ එජාප සංවිධායක බෙන්ජමින්ට එරෙහිව නිති කෝ යැයි අප නාගරික කොමසාරිගෙන් විමසා සිටිමු.
නිලධාරින්ට තග දමන බෙන්ජමින්ලාව හුරතල් කිරිමට නාගරික‌ කොමසාරිස් තවදුරටත් කටයුතු කරනු ඇතැයි අපට හැගි යන්නේ බෙන්ජමින් නගරාධිපති දයාන් ලංසාගේද හුරතලෙකු විම නිසාදැයි අප ප්‍රසිද්ධියේ විමසා සිටින්නෙමු.
බෙන්ජමින්ලාගේ පිහිටෙන් අයවැය ගොඩදාගත් නගරාධිපති ‌සැප ගැනිම සදහා මේ දිනවල විදේශ සංචාරයක නිරතව සිටි.