නිලරථයකට හිමිකම් නැති අයටත් කොමසාරිස් පාලනය යටතේ නිළ රථයක් හිමිද ?

0
117

cabමීගමුව මහනගර සභාව තුල නිළ රථයකට හිමිකම් කිව හැක්කේ නාගරික කොමසාරිස් වෙත පමණක් ම බව ඉතා පැහැදිලිය.ඒ බව අප ඊයේ දිනයේදි (2017/01/18)කළ විමසුකමකදි උසස් නිළධාරිණියක විසින්ම සනාථ කර සිටියාය.
එහෙත් වත්මන් නාගරික කොමසාරිස් පාලනය යටතේ අනෙකුත් උසස් නිළධාරින් සිය ගමන්බිමන් සදහා මෙන්ම නිවෙස්වලට ගෙන ගොස් ඇරලවාගන්නටද මහනගර සභාවේ නිළරථ භාවිතා කරනු ලබන බව සැලය.
මෙසේ වාහනයක් පිටතට ගෙන යාමේදි භාවිතා කළ යුතු ගේට් පාස් නිකුත් කරනු ලබන්නේද ඇතැම් විට මේ  උසස් නිළධාරින් විසින්මය.
එහෙත් පළාත් පාලන නිති ප්‍රකාර නම් ඒ වගකිම හිමිවන්නේ නාගරික ඉජිනේරු වරයා විෂය පතයටය.
එහෙත් මීගමුවේ නාගරික කොමසාරිස් පාලනය තුල ක්‍රියාත්මක වන්නේ වෙනස්ම තත්වයකි.
එය අදාල වන්නේ කිනම් ආයතන සංග්‍රහයකටදැයි දන්නේ ද නාගරික කොමසාරිස්වරයාම විය යුතුය.