නිල් වරල් කෙලවල්ලෙක්ද ?ඇස් බක්කෙක්ද ?

0
504

bigeye-tunaමීගමුවේ ධිවරයන් පිරිසකට හසුවුණා යැයි කියු නිල් වරල් කෙලවල්ලා පිළිබදව පුවත  මාධ්‍ය තුල වඩාත් ජනප්‍රියත්වයට පත්ව  විය.
එපමණක් නොව මීගමුවේ ධිවරයන් අතර මෙන්ම සාමාන්‍ය ජනයා අතරද මේ ගැන කථාබහ ඇතිකරන්නට සමත් තිබුණි.
තමන්ට අසුව ඇත්තේ නිල් වරල් කෙලවල්ලෙකු යැයි ඔවුන්  දියඹ මුහුදේ සිට ගොඩබිම සිටින සිය හිතවතුන් වෙත දන්වා තිබුණි.
ඒ පසුගිය 21 වෙනිදා රාත්‍රියේදිය.
මාළුවාගේ බර පිළිබදව මෙන්ම එහි වෙළද පල වටිනාකම පිළිබදවද මේ අනුව ධිවර ව්‍යාපාරිකයන් අතරේ පුවත් පැතිර ගියේ විදුලි වේගයෙනි.
එහෙත් ඊයේ දිනයේදි මේ සියළු තත්වයන් වෙනස්ව ගොස් තිබුණි.
ඒ තමන්ට අසුව ඇත්තේ නිල්වරල් කෙලවල්ලෙකු නොව Big Eye Tuna ඇස්ගෙඩි කෙල්වල්ලේකු බව තහවුරු විමත් සමගින්ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව ධිවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා කියා සිටියේ නාරා ආයතනයේ මේ පිළිබදව විශේෂඥතාවක් සහිත අයගේද සහයෙන් මේ ගැන තහවුරු කර ගත් බවය.
තවදුරටත් කියා සිටියේ නිල්වරල් සහිත කෙලවල්ලන් සිටින්නේ ශිතාධික කලාපයන්හි බවය.
ධීවරන් විසින් මේ ඇස් ඇස්ගෙඩි කෙලවල්ලා හදුන්වනු ලබන්නේ ඇස්බක්කා යන නමිනි.
කෙසේ වෙතත් ටුනා අපනයේදි ලංකාව තුල තවදුරටත් ඉදිරියෙන්ම ඇත්තේ කහවරල් කෙලවල්ලන් සහ මේ ඇස්ගෙඩි කෙලවල්ලන්ය.