නිව්ස්ටඩ් පළමු වසරට ආ මල්කැකුළු

0
151

SAM_6977
2014 වසරට නිවුසටඩ් බාළිකාවට ඇතුලත්වු ‘මල් කැකුලු ‘ රජයේ පාසැල්වලට පළමුවෙනි ශ්‍රේණිය සදහා දරුවන් පිළිගැනිමේ උත්සවය දිවයින පුරා පැවත්විනි.  මිගමුව පුරවරයට අභිමානයක් ගෙනදුන් ලංකාවේ පැරණිම බාළිකා පාසලවන නිවුස්ටඩ් මාතාව 2014 වසර සදහාවු දැරියන් මෙසේ පිළිගන්නා ලදි. මෙම උත්සවය සදහා ප‍්‍රධාන ආරාධිත ලෙස ලංකා මෙතෝදිස්ත  සභාවේ  කුරණ කටුනායක මීසම භාර අධ්‍යාක්ෂක සුරංගික ප‍්‍රනාන්දු දේවගැති තුමා සහභාගි විය.  පාසැල් විදුහල්පතිනිය කපිතාන් ගයනි හෙරත් මහත්මිය සහා ආචාර්ය මණ්ඩලය විසින් පිළිගන්නා ලදි. පාසැල් දැරියන්ගේ නර්ථනයෙන් උත්සවය විචිත‍්‍ර විය.  පසුව පළමු ශ්‍රේණියට ඇතුලත් වන දැරියන් දෙවන ශ්‍රේණියට  සිසුවියන්  විසින් මල් කලබක්දි පිළිගෙන පන්ති කාමරය රැගෙන යන ලදි.


ඡායා  – සටහන  –  සුජාඉල් මුනිර්