නිව්ස්ටඩ් බාලිකාවේ විදුහල්පතිනියගේ බොඩිගාඩ් කවු ද?

0
108

මීගමුව නිව්ස්ටඩ් බාලිකාවට සම්බන්ධ  ප්‍රවෘත්තියක් පිළිබදව විමසීමට අද ( 2015.05.15)ප.ව 2.08 ට   එම විදුහලට දුරකථන ඇමතුමක් දී විනාඩි 10 කින් පසුව   අපගේ ජංගම දුරකථනයට   දෙමාපියෙක් යැයි කියාගත් පුද්ගලයෙකු කතා කර පළමුව තර්ජනයක් කරන ලදී.  අප විසින් එම දුරකථන අංකය පාසලේ විදුහල්පතිනියට ලබාදෙන ලෙස විදුහලේ කාර්යාලයෙන් පිළිතුරු දුන් නිලධාරිණියකට  ලබාදුන් අතර එම දුරකථන අංකය එසැණින් පිටස්තර පුද්ගලයෙකු අතට  ගියේ කෙසේ ද යන්න පිළිබදව  ගැටළුවක් මතුවේ. එමෙන්ම එම පුද්ගලයා මෙම ප්‍රවෘත්තිය පළකිරීම වැලැක්වීම සදහා විවිධ උත්සාහයන් ගත්තේය.
කෙසේ වෙතත් , අදාළ ශිෂ්‍යාවගේ මවටද කිසියම් අයෙක් විසින් තර්ජනය කර ඇති බවත් මේ වනවිට වාර්තා වේ.
අප ඇමතු තමන් කව්දැයි හෙළිනොකළ පුද්ගලයාද  මෙම මුදල් ගනුදෙනුවට සම්බන්ධ තැරැව්කාර පාර්ශවයේ ලගම සම්බන්ධයක් ඇති පුද්ගලයෙකු විය හැක.

අප විසින් නිව්ස්ටඩ් බාලිකාවේ විදුහල්පතිනියට පිළිගත් ආකාරයට දුරකතන ඇමතුමක් දී පාසල පැත්තෙන් සිදුවූ දේ පිළිබදව කියන්නට අවස්ථාවක් දුන් විට අපගේ දුරකථනය අංකය නාදුනන පුද්ගලයන් අතට පත්කිරීම හා ඔහු ලවා අපට බලපෑම් කිරීම පිටුපස සිටින්නේ කවුරු වුවත් මෙය අචාර ධර්ම වලට පටහැනී ක්‍රියාවකි.
එබැවින් මෙවැනි හැංගි මුත්තන් ක්‍රියාවන් වලින් සත්‍ය වසන් කළ නොහැකි බවත්,  සිදුවී ඇති විණය විරෝධී ක්‍රියාව නිවරදි කරගන්නවා හැරෙන්නට ගලේ පැහැරූ බලලාට වූ දේ සිදුකර නොගන්නා ලෙසට මෙයට සම්බන්ධ පාර්ශවයන් වෙත දැනුම් දීමට කැමැත්තෙමු.