නිව්ස්ටඩ් බාලිකාවේ සත්ව හිංසාව

0
405

අද උදෑසන 9.30ට පමණ මීගමුව නගරය මැදින් නිව්ස්ටඩ් බාලිකාවේ සිසුවියන් හා ගුරුවර ගුරැවරියන් පෙළපාලියක් පවත්වමින් ගිය අතර එය ඉතා වර්ණවත් ව තිබිණි.

එමෙන්ම විවිධ ශබ්ද කිරීම් සහ සංගීත භාන්ඩ ද වයමින් මෙම පෙළපාලිය නගරය පුරා ගමන් කරනු දක්නට ලැබුණි.  බාලිකාවන්ගේ සුන්දරත්වය හා ඔවුන්ගේ කලා නිර්මාණ වල අලංකාරය මදිවේ යැයි සිතාදෝ ලිමෝසින් කාර් රථයක් හැමර් ජීප් රියක් හා  තවත් සුපිරි  වාහන කීපයක් ද එක්ව තිබිණි.

මේ සියල්ල හැරෙන්නට තවත් අමුත්තෙකු  පෙළපාලියට එක්කරගෙන තිබුණි. ඒ පුංචි අලි පැටවෙකි. සිසුවියන්ගේ ශබ්දඝෝෂා මැද මේ අලි පැටවා පෙලපාලිය පුරාම මහත් හිරිහැරයක් අත්විදි බව කිසිවෙකුවත් තේරුම් ගත්තා දැයි නොදනිමු.    නමුත් සතුන්ගේ අයිතිවාසිකම් ගැන මේ තරම් කතාකරන සමාජයක දියුණු පාසලක් යැයි සැලකෙන නිව්ස්ටඩ් බාලිකාවේ පෙළපාලියක   දි අලි පැටවෙකු   සැරසිල්ලක් ලෙස  බයිට් එකට ගෙන තිබීම නම් අශෝබනය.66709638199944096g3tTa8Krc1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here