නිවාඩුවට පැමිණි ඇමති පුතාටත් ආණ්ඩුවේ සැපවාහන ?

0
75

lansa son newයහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට අයත් අතිසුඛොපහෝගි රථයක් මේ දිනවල මීගමුවේ සංවාරක කලාපය  සැරිසරන බව සැලය.
දැනට ඕස්ට්‍රෙලියාවේ සිටින යහපාලන නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ  පුතා එහි සිට නිවාඩුවකට ලංකාවට පැමිණ ඇති අතර රජයට අයත් වාහන වලින් අනෙක් ඇමති පුත්‍රයන්ද සමගින්  මීගමුවේත් ඉන් පිටතත්  සවාරිය යන බවද කියැවේ.
නිවාඩුවකට පැමිණි තරුණයෙකුට එසේ සවාරි යන්නට අයිතියක් ඇත්තේමය.
එහෙත් ගැටළුව වන්නේ ඒ සදහා රජයේ වාහන යොදා ගැනිම සහ මාර්ග නීති ගැන කිසිදු තැකිමක් නොකොට අසංවර ලෙස  පාරේ යාමය.
ටේස්ටි බානනා නම් වු මීගමුව සංචාරක කලාපයේ පිහිටි  නියෝජ්‍ය ඇමතිවරයාට අයත් හෝටලයක් ඉදිරිපිට වැරදි පැත්තේ නවත්වා ඇත්තේද ඇමති පුතා විසින් මේ දිනවල භාවිතා කරනු ලබන යහපාලන රජයට අයත් තවත් අතිසුඛෝපහෝගි කාර් රථයකි.
මීපුර අමතා සංවාරක කලාපයේ අයෙකු කියා සිටියේ තරුණ කමට බ්‍රේක් නැතිව වේගයෙන් එහා මෙහා යන මේ  18 වියැති  ඇමති පුතා අපට සිහිකර දෙනුලබන්නේ මහමගදි අහිංසකයන් ගණනාවකගේ ජිවිත බිලිගත් ඇමති රංග බණ්ඩාරගේ පුතාවද යන්නයි.

Save

Save