නිවාස සැලසුම් පමා කරමින් පගාව ඉල්ලන මිගමුවේ කොමිස් කාක්කන්ට වැඩවරදින ලකුණු ?

0
115

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී  පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වෙති.

එහෙයින් පවතින නීති රීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි උපරිමයෙන් අවම කිරීම රජයේ වගකීමක් බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග (06) ජනාධිපති කාර්යාලයේ  පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

සැලසුම් අනුමැතිය සදහා පළාත් පාලන ආයතන වෙත බලතල ලබාදීම සහ සෙසු ආයතන කඩිනමින් ඊට අදාළ ප්‍රතිපාදන සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබඳ දැනුමක්  ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අනුකූලතා සහතිකය දිනකදී ලබාදීම අනිවාර්ය කෙරිණ.

ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.  පළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහනපොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක් විය.

සැලසුම් අනුමත කිරීමේ දී එකම නීතිය ක්‍රියාත්මක නොකොට භූ විෂමතා සැලකිල්ලට ගෙන නිර්දේශයන් ලබාදීම කෙරෙහි ද අවධානයට ගැනිණ. පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතින් රාජ්‍ය ආයතන මගින්ම සිදු කර ආයෝජන මණ්ඩලයට දැනුම්දීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එමගින් විදෙස් ආයෝජකයින් දිරි ගැන්වෙන අතර, සිය ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට ද අවස්ථාව උදා වේ.
ජනාධිපතිවරයාගේ මෙම තින්දුවත් සමගින් මිගමුවේදි නිවාස සැලසුම් අනුමත කරගැනිමට යන නගර වැසියන්ට මහත් සහනයක් උදා වනු ඇත. ඒ මන්දයත් නිවාස සැලැසුම් අනුමත කරදිම මිගමුවේද එහෙම පිටින්ම අල්ලසට යටව  ඇති එහෙයිනි.
නගරාධිපතිවරයා මෙන්ම ඔහුට මේ සදහා වටපිටාව සකසන අනෙකුත් අයටද ජනපති ගෝඨාබය මේ සිදුකර ඇත්තේ අතිදැවැන්ත අභියෝගයකි.
එබැවින්ම විශේෂයෙන්ම මිගමුවේදි කව්රුන් හෝ නිවාස සැලැසුම් අනුමත කරගැනිමට යාමේදි අසාධාරණයකට ලක්වන්නේ නම් වහාම ජනාධිපතිවරයාගේ අදාල නිළධාරින් දැනුවත් කිරිම මිගමුව තුල කොමිස් කාක්කන් පලවා හැරිමට කළ හැකි සුදුසුම ක්‍රියාමාර්ගය වනු ඇත..
මුලාශ්‍රහය – අද දෙරණ