නිවැසියන් අනාථ කරන කටානේ කාණු සංවර්ධනය?

0
134

IMG-20191210-WA0001කටාන ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරියක් විසින් ගම්පෙරළිය වැඩසටහන යටතේ හැදිමට ආරම්භ කර ඇතැයි කියන කාණුවක් මේ වන විට අතර මග නතර කර දමා ඇති නිසා අදාල නිවැසියන් මහත් අපහසුවට පත්ව ඇත.මේ නිවැසියන්ට තමන්ගේ වාහනයක් ඇතුලට ගැනිමට පවා මේ නිසා නොහැකි විඇත.මේ කාණුව ඉදිකිරිම භාර දි ඇති කොන්ත්‍රාත්කරු සහ එජාප නාගරික මන්ත්‍රිවරිය අතර ඇතිව තිබෙන ගැටුමක් මේ කාණුව අතර මග නතර කර දැමිමට හේතුවි තිබේ.පසුගිය වැසිසමයේ පවා මහත් අපහසුවට පත්වසිටි මේ නිවැසියන් හට මේ වන විට ඩෙංගු වැළදි ඇති බවද කියැවේ.මන්ත්‍රීලා සහ කොන්ත්‍රාත්කරුවන්ගේ ඩීල් ප්‍රශ්ණ මෙම සිදුවිම වාර්තා වන්නේ වැලිහේන ප්‍රදේශයෙනි.