නිවුස්ටඩ් බාලිකාව ලෝක ළමා දිනය සමරයි

0
380

SAM_5646
මිගමුව නිවුස්ටෙඩ් බාළිකා විද්‍යාලයේ දී  ලෝක ළමා දිනය  අද දින පෙරවරුවේදී සමරන ලදි.
මෙම වසරේදී  තේමාව වි ඇත්තේ   ‘පවුල ඔබ සුරකි‘  යන්නයි.  මෙම වැඩසටහන පාසලේ විදුහල්පති ගයනි හේරත් මහත්මිය  නියොජ්‍ය විදුහල්පති ඒ ආර් පි එස් ඩි සිල්වා සහ ප්‍රාතමික අංශය භාර විදුහල්පතිණිය  එස් එම් ඩි ආර් ක්‍රිටෙලා මහත්මියන් ගේද ප්‍රධානත්වයෙන්  ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පාසැල් භුමීය තුල පිහිටි වේදිකා පරිශ්‍රයේදි පැවැත්විනි.
SAM_5652
මෙම ලෝක ළමා දිනයට  සමගාමිව මෙම පාසැලටත් අප රටටත් කීර්තියක් අත්කරදුන්  මැලේසියාවේ පැවැත්වුන පළමු වෙනි  ආසියානු පාසැල් මලල ක්‍රීඩා උළලේදි  ශ්‍රි  ලංකාව නියෝජනය කරමින් තුන් පිම්ම පැනිම ඉසව්වෙන් තෙවන ස්ථානයට පත්ව ලෝකඩ  පදක්කම ශුරතාවය ලබාගත් විදුෂා ලක්ෂාණි දැරියට ගෞරව කිරිමක් වශයෙන් ,  විදුහල්පතිනිය  ගයනි හේරත් මහත්මිය අතින් පදක්කම් පැලදවිම සහ මුදල් සහතිකද පිරිනමන ලදී.
SAM_5641
මෙම ලෝක ළමා දිනය වෙනුවෙන් කළ වැඩසටහනේදී විශේෂ දේශකයෙක් ලෙස එම පාසැලේ1992 සිට සේවය කරන රසායනික විද්‍යා අචාර්්‍යවරයෙකු වන යු. ජි. කිත්සිරි මහතා ළමුන් අමතා දේශනයක් පවත්වන ලදී.

SAM_5634
ඡායා සහ සටහන  –   සුජාඉල් මුනිර්