නිවේදකයාට ලක්ෂ පනහකට වැඩි නගර සභා ඉඩමක් ??

0
55

1(1)මීගමුව මේජර් රාජ් ක්‍රීඩාංගනයට අයත් භූමි කොටසක අනවසර ඉදිකිරීම් දෙකක් පවතී.මීගමුව මහා නගරසභාවේ   නීවේදක වශයෙන් කටයුතු කරන ජුඩ් ප්‍රේමසිරි යන අය කුරණ මේජර් රාජ් ක්‍රීඩා බිමෙන් කොටසක නිවසක් තනාගෙන පදිංචිව සිටියි.  මෙම ඉදිකිරීම නීති වීරෝධී ඉදිකිරීමකි. මේ සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ කවුරුන්ද යන්න ප්‍රෙද්ශයේ ජනතාව ප්‍රශ්න කරති. එමෙන්ම මෙම ඉදිකරීම සිදුකර ඇත්තේ නිමල් ලාන්සා අමාත්‍යවරයාගේ නගර සභා පාලන කාලය තුළදී බවද ප්‍රෙද්ශවාසීන් පවසන අතර කෙසේ වුවත්  නිවාස අහිමි ප්‍රශ්න විසඳීමේදී නීති විරෝධී ලෙස කටයුතු කිරීම පිළිබඳව මෙහිදී මතුවන ගැටළුවයි.

 

2aඑම කොටස ළමා ක්‍රීඩාංගනය යක් ඉදි කිරීමට වෙන්කර තිබු ඉඩමක් බවද වාර්තා වන අතර මෙම අනවසර ගොඩනැගිලි ඉවත්කර ළමා ක්‍රීඩාංගනය ඉදිකිරීමට කටයුතු කරගෙන යද්දී එය අදිසි දේශපාලන හස්තයකින් නැවතී ඇත.

3

ළමා ක්‍රීඩාංගනය. සුසාන භූමිය සහ මළ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය මැද තෝරගන ඉදිකිරීමට අත්තිවාරම් දමා ඇති අතර මෙම ඉදිකෙරෙන ළමා ක්‍රීඩාංගනය තවත් මහජන මුදල් නාස්තියක් බවට ද ප්‍රෙද්ශවාසීන් චෝදනා කරයි.

වසන්ත වීරසිංහ