නිහාල්ලාගේ සිහින බුල්ඩෝසරයට යටවෙයි?

0
73

nihal 2නිදහස් වෙළද කලාපයේ ආරම්භය එහි සේවයට ගම්වලින් පැමිණි සේවිකාවන්ට මෙන්ම කටුනායක හා අවට ප්‍රදේශවලටද අළුත් අත්දැකිමක් විය.
කටුනායක හා අවට ප්‍රදේශවල නිවෙස් කාමර මෙන්ම කුඩා කුඩා බෝඩිම් කාමරද ගොඩනැගෙන්නට විය.
මෙයට සමාන්තරවම විවිධ ව්‍යාපාරික කටයුතුද කලාපය කේන්ද්‍රය කොටගෙන පටන් ගැණුනි.
ගම්වලින් පැමිණි යුවතියන් ඉරුදින නිවාඩු බොහෝ විට විවේකිව ගතකරන්නට තෝරාගත්තේය.
බෝඩිම් ගානේ ගොස් පින්තුර ගැනිමද මේ කාලය තුල ඉතා ජනප්‍රිය වු  කටයුත්තකි.
නිහාල් සිය ජායාරුප වෘත්තිය ජිවිතය පටන්ගන්නේ මේ පසුබිම තුලදිය.
එතැන් පටන් ඔහු ක්‍රමයෙන් සිය වෘත්තිය ස්ථාවර භාවය තහවුරු කරගැනිම අරඹන්නේ 1982 දිය.ඒ නිදහස් වෙළද කලාප බස්නැවතුමේ පටන් ගත් කුඩා ජායාරූප ශාලාවක් හරහාය.
එතැන් පටන් ටිකින් ටික සිය ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියේය.
2010 වසරේදි දැන් මේ ඡයාරූප ශාලාව පිහිටි ස්ථානයේ මුදල් අයෝජනය කරමින් වඩාත් විධිමත් ලෙසින් ඡායාරූපාගාරයක් නිම කෙරුණි.
2011 වසරේදි මේ සියළු ව්‍යාපාරික ස්ථාන කඩා දැමිම සදහා මෙහෙයුමක් දියත් කෙරුණේ වත්මන් හම්බන්තොට නගරාධිපති එරාජ් ඇතුළු මැරයන්ගේ මුලිකත්වයෙනි.එය සංවිධානය කර තිබුනේ නාමල් රාජපක්ෂ විසිනි.
එහෙත් ව්‍යාපාරිකයන්ගේ එකමුතුකම හමුවේ මේ මැරයන්ට පසුබසින්නට සිදුවිය.
පසුව 2014 මැයි 02 වෙනිදා යළිත් පොලිසියද සමගින් පැමිණ බුල්ඩොසර් 5 ක් යොදාගෙන පැය 3 ක් වැනි කෙටිකාලයක් තුලදි සියල්ල පොලවට සමතලා කර තිබුණි.මෙවන් කඩාඉවත් කිරිමකදි අනුගමනය කළ යුතු කිසිදු රෙගුලාසියක් පිළිපදින්නේ නැතිවය.
2011 දි නාමල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් එරාජ්ලා පැමිණ තිබුනේ නම් 2014 දි මේ මෙහෙයුම පිටුපස සිටින්නේ කව්දැයි තෙරුම්ගැනිම අපහසු නොවේ.