නීතිය ඇයි අසමාන ???

0
134

නිතිය සැමට සමාන විය යුතුය.එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කර ඇත්තේය.
එහෙත් ඕස්ට්‍රේලියාවට නීති විරෝධිව යෑමට ගොස් අත්ඩංගුවට පත්වුවන් වෙනුවෙන් දැනට නීතිය ක්‍රියාත්මක වන අකාරයේ පැහැදිලි වෙනසක් දකින්නට ලැබෙන්නේ යැයි අත්අඩංගුවට පත්ව සිටින්නන්ගේ ඥාතිහු පවසති.
නිදසුනක් ලෙසින් ගතහොත් නීති විරෝධි ලෙසින් ඕස්ට්‍රේලියාවට ගොස් එහි කදවුරු ගතව සිට ඕස්ට්‍රේලියානු රජය විසින් පිටුවහල් කරනු ලැබ එරට සිට ලංකාවට ගුවන් යානා මගින් පැමිණෙන අය ට අධිකරණයෙන් ඉක්මනින් ඇප ලැබි ඇති අයුරු පෙනෙන අතර ඒ අයගේ ඇප කොන්දේසි ගෙන බලන කළ ලිහිල්ය.

එනම් රු.ලක්ෂ 5 ක ශරිර ඇප මත මේ අයව පසුගිය දිනවලදි නිදහස් කෙරුණි.
එහෙත් ඕස්ට්‍රේලියාවට යෑම සදහා එක්කෝ මුහුදේදි හෝ නැතිනම් වෙරළ වලදි අත්අඩංගුවට ගනු ලැබු අයට ඇප ලබාගැනිමම පසුගිය දිනවල මහත් ප්‍රශ්ණයක්ව තිබුනි.
විශේෂයෙන්ම මේ අය වෙත ඉදිරිපත් කර ඇති ඇප කොන්දේසි මත ඔවුන් තවත් අසරණව ඇත.
නිදසුනක් ලෙසින් ඇප ලබාදි තිබුනද ඉදිරිපත්ව ඇති ඉහල ඇප කොන්දේසි ඒ ලෙසින්ම ඉටුකර ගැනිමට නොහැකිවිම නිසා ඇතැම් අවස්ථාවල ඇප ලබාදුන් දින සිට සති 2 කක් යළිත් බන්ධනාගාරගතව සිටින්නටද ඇතමෙක්ට සිදුව ඇත.
එනම් මුදලින් රුපියල් 50,000 ක් ලක්ෂ 25 ක වත්කම් සහතිකයක් සහ තවක් බරපතල දේ මෙහි ඇතුලත් බව අත්අඩංගුවට පත්ව සිටින අයගේ පවුල්වල අය පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here