නීතිය නොතකන මුදලිඳු මෙන්ඩිස් මාවතේ අනවසර රථ ගාල

0
127

DSC_0939 මීගමුව රෝහලත් මාරිස්ටෙල්ලා  විද්‍යාලයත් අතර පිහිටා ඇති මාවත මුදලිඳු මෙන්ඩිස් මාවතයි. මෙම  රථගාල  ගැන  මීට  පෙර  අවස්ථා  ගනනාවක   විවිධ  කරුණු  මතු  කරමින්  කිව්වෙමු,  ලිව්වෙමු.
මීගමු  පොලීසියෙන්    විමසා  සිටියෙමු.  ඔවුන්ද  ප්‍රකාශකරන්නේ   මොනවා  කළත් වැඩක්  නොවන   බවය.  දැන්  මෙහි  නතර  කරන   යතුරු  පැදි සහ  ත්‍රිවිල් කරුවෝ   චන්ඩිපාට්  දමමින්  මේ  වැඩේ දිගටම   කරගෙන  යති.  පොලීසිය  පවසන  ආකාරයට  රෝහලට  පැමිණෙන  අය  සමහර  විට  ඉතා  හැඟීම්  බර  ,  කලබලකාරී  අවස්ථා  යටතේ  මෙසේ  තමන්ගේ  වාහනය  නතර  කරන  නිසා  කිසිවක්  කිව  නොහැකි  තත්වයට   පත්වන  බවයි.

අප  මේ  පිළිබඳව  නැවත  වරක්  කථාකිරීමට  පෙළඹුනේ  අද  වනවිට  මෙම  යතුරුපැදි  සහ  ත්‍රීවිල්  පෝලිම  මීගමුව  රෝහලේ  පිටවන  ගේට්ටුව  දක්වා   දිගුවී  ඇති  හෙයිනි.  අසල  ඇති  ත්‍රිවිල්  සංගමයේ  ත්‍රිවිල්  පදවන්නෙකුගෙන්  මේගැන  විමසුවෙමු.  ඔහු  පවසන්නේ   මෙසේ  වාහන  නතර කරන  අයට  යමක්  කිව  නොහැකි  බවත්,  පොලීසිය  මෙම  ස්ථානයේ  වාහන  තහනම්  කර  ඇතැයි  කීවිට  ඔවුන්  පොලීසිය  සමඟ  ‍ඒක  අපි  බේරගන්නම්  කියා  චන්ඩිපාට්  දමන බවත්ය.   එමෙන්ම   මෙහි  අවස්ථා  කිහිපයකදී  යතුරුපැදි  ,  ත්‍රීවිල්  හොරකම්  සිදුවී  ඇති බවද  ඔහු  පැවසීය.  මේ  ගැන  මීට  පෙර  මීගමුව  පොලීසියේ  රථවාහන  අංශයේ   ගජනායක  මහතා  සමඟ  සාකච්ඡා  කළ  අවස්ථාවකදී  ඔහු  පැවසුවේද  එවැනි  හොරකම්  මෙහි   සිදුවන  බවයි.

යතුරුපැදි වල  යතුරුදමා  තිබුනද  ඒවා  සොලවා  බැලූ  අවස්ථා   තිබුනු  බව  පොලීසියෙන්  කරුණු  කියැවින.
මෙම   ස්ථානයේ  ආරක්ෂාවට  රාජකාරියේ  යෙදී  කටයුතු  කරන්නේ   මීගමුව  පොලීසිය  පමණක්  නොව   කටාන  සීදූව  වැනි  අසල්වාසී  පොලීසි  වලින්ද  මෙම  ස්ථානයට  පැමිණේ.  අප  නැවත  වතාවක්  මෙම  නිලධාරීන්ට  සිහිකැඳවමින්    මේ  සඳහා  නිසි පියවරක්  ගන්නා  මෙන්  ඉල්ලා  සිටිමු.DSC_0936 DSC_0934

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here