නීතිය සැමටම සාධාරණ විය යුතුයි .

0
68

කටුනායක පිහිටි බ‍්‍රැන්ඩෙක්ස් ඇගඵම් ආයතනයේ පසුගිය දිනෙක විශාල රෙදි වංචාවක්
සිදු ව තිබේ. මෙම වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂනයේදී සිදු කල යුතු වූ
මුලික පරීක්ෂනයක් පසුගිය ඔක්තෝබර් 14 වැනිදා කටුනායක පොලිසියේදී සිදු කර
තිබෙන අතර එම පරීක්ෂනය සදහා එම වංචාවට වගකිව යුතු යැයි නම් කල පුද්ගලයන්

සහ එම කම්හලේ සම්පුර්ණ ආරක්ෂක අංශයන් භාර දැනට විශ‍්‍රාමිකව සිටින හමුදාවේ උසස් නිලධාරියා ද සහභාගී වී තිබේ. ඒ අනුව පොලිසිය තුළ පැවති එම පරික්ෂනය සිදු වෙමින් පවතින අවස්ථාවේදී හිටපු හමුදා නිලධාරියා විසින් එහිදී පරික්ෂනයට සහභාගී වූ පුද්ගලයෙකුට පහර දී තිබේ. එහෙත් කටුනායක පොලිසිය විසින් එම අවස්ථාවේ හෝ එම අවස්ථාවට පසු හෝ පොලිසිය තුලදී පුද්ගලයෙකුට පහරදීමක් සිදු කළ මෙම හිටපු හමුදා නිලධාරියා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කර නොමැත. ඒ අනුව එම පහරදීමට
ලක් වූ පුද්ගලයාගේ පියා වන ආර්.එම්. වර්ණකුලසුරිය නැමැත්තා විසින් මෙම සිදුවීම
අධිකරණය වෙත යොමු කර තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 05 වැනිදා එනම් එම
පහරදීම සිදු වී දින 14 කටත් වැඩි කාලයකට පසුව ” බී ” වාර්තාවක් ම`ගින් මෙම සිදුවීම මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරනයේ විවෘත අධිකරණයේදී විභාගයට ගැණිනි. පොලිසිය තුලදී අයෙකුට පහරදීමක් සිදු වූ විට එම පහර දීම සිදුකල පුද්ගලයාව අත්අඩංගුවට නොගත්තේ ඇයි ? දැයි ඒ අවස්ථාවේ මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා කටුනායක පොලිසියේ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කලේය.එලෙසම ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් ප‍්‍රශ්ණ කලේ මෙලෙස සමාන්‍ය පුද්ගලයෙකු පොලිසිය තුලදී පහරදීමක් කළා
නම් ඔබලා
(කටුනායක පොලිසියේ නිලධාරීන්) කි‍්‍රයාකරන්නේ කෙස්ද ? යන්නයි. තවද ඒ අවස්ථාවේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් අවධාරනය කලේ නීතිය සැමටම සාධාරණ විය යුතු බවයි. ඒ අනුව කදාන, රිලවුල්ල පාරේ අංක 180 දරණ ස්ථානයේ පදිංචි සමන් රෝෂාන්ත කි‍්‍රමා විතාරණ නැමැති මෙම සැකකාර හිටපු හමුදා නිලධාරියාව රු.5000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදාහැරුණු අතර මෙහි වැඩි දුර පරීක්ෂණ
2013 ලබන වසරේ ජනවාරි 13 වැනි දිනට සිදු කරන බවට නියම කෙරිණි.