නීති කඩන නිමල් ලංසාව පාලනය කරන්න මීගමුව පොලිසියට හැකිවෙයිද ?

0
257

ලංකාවේ මැතිවරණ නීති උල්ලංඝණය කරන දේශපාලකයන් කිපදෙනකු ගැන ප්‍රසිද්ධ හෙළිදරව්වක් ඊයේ දිනයේ කොළඹ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ජාවකදි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය විසින් සිදුකර තිබුණි.
මැතිවරණයට නිමල් ලංස ඉල්ලන බව කියැවෙන පෝසටර් සහ පත්‍රිකා ජනතාව අතර බෙදා හරිමින් ඡන්දදායකයන් නොමග යැවිමට දැවැන්ත ප්‍රොඩාවක් ගෙන යන එහිදි හෙළිකර තිබුණි.මංජුල ගජනාය
මේ ප්‍රකාශයත් සමගින් මීගමුව පොලිසියට බරපතල අභියෝගයකට මුහුණ දිමට සිදුව තිබේ.
ඒ නිමල් ලංසා මෙසේ අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම ගැන දැනටමත් පැමිණිලි ගණනාවක් මැතිවරණ නිරික්ෂණ සංවිධාන වලට මෙන්ම මැතිවරණ කොමිසම වෙතද මේ වන විටත් ඉදිරිපත්ව ඇති බැවිනි.
රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදාගැනිම ගැන එල්ලව ඇති චෝදනාව බරපතල එකකි

මේ යටතේ පොරුතොට පාරේ පළගතුරේ රජයට අයත් ගොඩනැගිල්ලක දැනට නිමල් ලංසා විසින් මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යන බවට චෝදනාවක් මේ වන විටත් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත්ව ඇති බව සැලය.
එමෙන්ම රාජ්‍ය ලාංඡනය සහිත මොටර් රථයක් මැතිවරණ ප්‍රචාරණය සදහා යොදාෙගන තිබුණ අයුරුද සාක්ෂි සමගම මීගමුව පොලිසියට ඉදිරිපත් කර ඇති අතර මේ ගැන ක්‍රියාත්මක වි ඇතැදැයි මේ සටහන තබන මොහොතේ අප පොලිසි මැතිවරණ ඒකකය භාර දිසානායක මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඒ ගැන සම්පුර්ණ වාර්ථාවක් මුලස්ථාන පොලිස් පරික්ෂ වුඩ්ලර් මහතා වෙත දි  ඇතැයි කියා සිටියේය.
පසුව අප වුඩ්ලර් මහතාගේ අවධානයට යළිත් වරත් මෙය යොමු කරන ලද්දේ මෙ නිතිවිරෝධි ක්‍රියාව සම්බන්ධනේ තවමත් මීගමුව පොලිසිය ක්‍රියාත්මකව ඇති බවක් නොපෙනිම නිසාය.

දැන් තවත් බරපතල චෝදනාවකි.
එනම්  පොස්ටර් සහ අත් පත්‍රිකා සහ කාඩ් බෙදිම ගැනය.මේ සියල්ල නිමල් ලංසා ඡන්දය ඉල්ලන බව කියා කරන ප්‍රොඩාවකි.


දැන් රටටම හෙළිකර ඇති මේ නිතිකැඩිමේ ප්‍රධානියෙකු වන ලංසා ගැන මීගමුව පොලිසිය ක්‍රියාකරන අයුරු අප මහත් ඕනෑකමින් යුතුව බලා සිටිමු.