නීති විරෝධී කරත්ත ධාවනයට පොලීසියෙන් වැට බදියි

0
369
images

කොස්වත්ත පොලිසිය පාරේ නීතිවිරෝධි අන්දමින් කරත්ත ධාවනය කරමින් මහමග ගමන්ගත් වාහනයකට හා ගේට්ටුවකට අලාභහානි කල පිරිසකට කොස්වත්ත පොලිසියේ රථවාහන අංශය විසින් දැඩිසේ අවවාදකොට  මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවන්ගෙන් වැලකී සිටින ලෙස දන්වා අදාල දෙපාර්ශවය සමථයකට පත්කොට තිබේ-
මේ මස 11 වන දින මෙම ගොනාබැදි කරත්තකරුවන් පිරිස මොරකැලේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමවා තම නිවෙස්බලා එමින් සිටි පිරිසකි-
ප්‍රධාන මාර්ගයේ ගමන්ගන්නා අනෙකුත් වාහන පදවන්නන්ට හා මහජනතාවට හිරිහැරවන පරිදි මෙම කරත්තකරුවන් කොස්වත්ත පොලිසිය පාරේ ගමන් කිරීම හා  ඔවුන් පසුපස ඔවුන්ගේ හිතමිතුරන් යතුරුපැදිවලින් ඝෝසාකරමින් ගමන් කිරීම හේතුවෙන් එක් කරත්තයක් එම මාර්ගයේ ගමන්ගත් වාහනයක හප්පා ගොස් තිබීමත් තවත් කරත්තයක් අසල ගේට්ටුවක හප්පා පාරෙන් පිටත ඉඩමකට යාමත් නිසා දෙපාර්ශවය අතර කලබලකාරි වාතාවරණයක් ඇතිවී තිබේ-ප්‍රදේශවාසි මහජනතාවට  හිරිහැරවන අන්දමින් සිදුවූ මෙම කටයුතු පිලිබදව බෝතලේගම ගම්වාසින් විසින් කොස්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන පණිවිඩයක්දී අදාල නිලධාරින් ඔවුන් එම ස්ථානයට ගෙන්වා ගැටලුව සමථයකට පත්කර තිබේ-
ප්‍රදේශයේ පවත්වන සෑම වර්ෂික මංගල්‍යයකටම කරත්තවලින් ගමන්ගන්නා මෙම පිරිස් වේගය අභිබවා ගමන්කිරීම දැන් පුරුද්දක්  කරගෙන ඇති බව කියන ගම්වැසියෝ තිරිසන් සතුන්ට වදහිංසාකරමින් හා මහමග ගමන්කරන්නන්ට හා ගම්වාසින්ට හිරිහැරකරමින් සිදුකරන මෙම නීතිවිරෝධි ක්‍රියාවන් මැඩලීමට පොලිසිය හා අදාල බලධාරින් මෙයටත් වඩා දැඩි නීති පැනවිය යුතු බවද අවධාරනය කර සිටිති-
සුනිල් ප්‍රනාන්දුපුල්ලේ