නීති විරෝධී ගබ්සා සිදුකිරීමට ජංගම සේවයක් ?

0
859

පසුගිය සති කිහිපයකට පෙර  ඉතා ශෝකජනක ලෙස වෙන්නප්පුව – සිරිගම්පල  ප‍්‍රදේශයේ තරැණියක් සිය ජීවිතයෙන් සමුගත්තේ සමාජයට කතා බහ කිරීමට ද මාතෘකාවක් ඉතිරි කරමිනි. ඇය අවු 18 නොඉක්මවූ අවිවාහක තරැණියකි. ඇගේ මරණය සිදුවී තිබු ණෞ්    දරැවෙකු පිළිසිදගැනීමක් ඉවත් කිරීමට දැරෑ උත්සායකදී බව අනාවරණයවූ අතර  මීගමුව රෝහලට ඇතුල් කිරීමෙන් පසු  ඇය මිය ගියාය. මේ සම්බන්ධයෙන් ඇය සමග සම්බන්ධතා පැවත්වූ විවාහක පුද්ගලයෙකු සැක පිට පොලිස් අත්අඩංගුවට ගත් අතර  ඇයගේ මවද මෙම කාර්ය සදහා සම්බන්ධ වූ බව ද තොරතුරැ වාර්තා විය.

මෙම ගබ්සාව  සිදුකිරීම කර ඇත්තේ ජංගම රථයක බවට සැකයක් තොරතුරැ අනුව  මීගමුව හා අවට සොඛ්‍ය ක්ෂෞ්ත්‍රෙය් සමහර වාත්තිකයන් අතර  මතුවී ඇත. මෙම මරණය සදහා හේතුවූ මෙම දරැගැබ ඉවත්කිරීම සදහා සම්බන්ධවූ පුද්ගලයා හෝ පුද්ගලයන්  අත්අඩංගුවට ගෙන නොමැති වුවත්  ඔවුන් වෙනත් ආකාරයකට හදුනාගෙන ඇති බවද වාර්තා වෙයි.  ඇයගේ මව පොලීසියට කළ ප්‍රකාශයේ සදහන් වන්නේ  ජාඇල ප‍්‍රදේශයේ  එවැනි මධ්‍යස්ථානයක පුද්ගලයෙකු පැමිණ ඇයට යම් පෙති වර්ගයක් දුන් බවයි.
එමෙන්ම එම ගබ්සාවෙන් පසු අසාධ්‍යවු පසු ඇයව මීගමුව රෝහලට ගෙනවිත් තිබේ. මවගේ කටඋත්තරය අනුව  ගබ්සාව සදහා පිටතට නොගිය බවත් පුද්ගලයෙකු පැමිණිය බවත් පැහැදිලිය.
දැනට මාස දෙකකට පමණ පෙර  ඇවරිවත්ත ප‍්‍රදේශයේ විවාහක ගැබිණි කාන්තාවක්  සිය දරැ ප්‍රසූතිය රහසේ සිදුකර එදිනම ගෙදර පැමිණි බව ප්‍රෙද්ශයේ පවුල් සෙෘක්‍ය ක්ෂේත්‍රෙය් තොරතුරැ හරහා වාර්තා විය. එය හෙළිදරව් වූයේ එකම දිනයකවත් සායනයකට සහභාගී වී නොතිබීමත් දරැ ප්‍රසූතිය සදහා කිසිම රෝහලකට ඇතුල්වී නොතීබීමත් යන කාරණා තහවුරැ වූ හේතුවෙනි. පසුව ඇය මීගමුව රෝහලට පැමිණ  ඇඩ්මිට් වූ අතර ඒ වන විට ඇය සතුව රෝහල් වල දරැ ප්‍රසූතියෙන් පසු දෙන සටහන් පත්‍රිකාවක් ද තිබී ඇති අතර එය මේ වන එය ෙරා්හල් වල භාවිතා නොකරන පරණ පොතකින් කැඩූ කොලයක් බව ද වාර්තා විය.  ඇයගෙන්  අදාළ සොඛ්‍ය වගකිවයුත්තන්  විමසූ විට ඇය පවසා තිබුණේ ඇය මේ  ප‍්‍රදේශයේ පොල් වත්තක තිබූ ගොඩනැගිලලකට ගෙන ගිය බවත් දරැ ප්‍රසූතියෙන් පසු ඇය දරැවා කුරැනෑගල ප්‍රෙ‍ෙද්ශයේ  සිය ඥාතියෙකුට දරැවා දුන් බවය.

ඉහත සිදුවීම් දෙකේදීම ඔප්පුවන ප්‍රධාන කරැණ වන්නේ  නීතියෙන් සම්මත නොකර ඇති ගබ්සා මධ්‍යස්තාන සහ දරැ ප්‍රසූතින් සදහා එවැනි මධ්‍යස්ථාන පවත්වන්නන් හෝ  පුද්ගලයින් සිය සේවය ජංගමව සිදුකරන බවයි. මේවාට  වෛද්‍ය දැනුමක් ඇති වෘත්තිකයන්ද සහභාගී වන බවද  පැහැදිලි වී ඇති කරැණකි.  ගබ්සා මධ්‍යස්ථාන වෙත යාම  අනාරක්ෂිත නිසා මෙම ජංගම සේවය වෙත යොමුවීම විසදුමක් ලෙස  කාන්තාවන්  පෙළඹිය හැක.

ගබ්සාව සහ  නීති විරෝධී ලෙස දරැ උපත්  සිදුකිරීමට  සදහා කාන්තාවන් යොමුකරවන  ඕනා තරම් සංස්කෘතික-සාමාජික හා ආර්ථික හේතු පවතින සමාජයකදී සත්‍රීයට මෙම ගැටළු  මගහැරිය හැකි වෙනත් විකල්පයක් හමු නොවීමත් යන කාරනා නිසා අද මෙවැනි නීති වරෝධී ගබ්සා   මධ්‍යස්ථාන වල පිහිට පැතීම එක්තරා සමාජ යතාර්තයකි.  විවාහක පවුලක වුවත් දරැවන් සීමා කිරීමේ ස්වභාවික පාලන ක්‍රම වලින් හැරෙන්නට ඒ සදහා අදාළ සැත්කම් සදහා නීතිමය අවසර ලැබෙන්නේ 3 වැනි දරැවාගෙන් පසුවයි.   අද පවතින ආර්ථික සීමාවන් හමුවේ දී දරැවන් පිළිබදව තීන්දු ගැනීමට දෙමාපියන්ට  අයිතියක් තිබුණද ඒ සදහා යොමුවීම සදහා නීත්‍යානුකූල  අවසරයක් හෝ සංස්කෘතික නිදහසක් හෝ ස්ත්‍රීයකට නොමැත. එම නිසා   මේ සියල්ල රහසිගතව කිරීමට කාන්තාවන් පෙළඹේ.  එමෙන්ම  ලංකාව යනු ස්ත්‍රී දූෂණ, ළමයින් දුෂණය කිරීම් හා ළමා අපචාර බහුලව සිදුවන රටකි.
මේ සියලු කාරණා නිසා අවශ්‍යතාවය පරිදි සීමාසහිතව ආචාර ධාර්මික පදනමක් උඩ   යම් නීත්‍යානුකූල රාමුවක් තුළ ගබ්සාවන් සදහා පහසුකමක් ලැබෙනවා නම් කාන්තාවන් මුහුණ දෙන අනතුරැ වලට යම්  නැවතීමක් වැටෙුනු ඇත.

නීති විරෝධී ගබ්සාවන් කරන ස්ථාන අත්හිටුවීම හෝ තහනම් කරීම් අවශ්‍ය වන්නේ  ඒවායේ සේවය වගකීම ක් නොමැති මෙන්ම මුදල් මත පමණක් කිසිම කොන්දෙසියකින් තොරව මෙන්ම අනාරක්ෂිතව සිදුකරන  බැවිනි. එවැනි ස්ථාන වැටලුවා කියා හෝ නැවැත්වීමෙන්  ස්ත්‍රීයකට ගබ්සාවක් සිදුකර ගැනීම සදහා ඇති සමාජ හේතු පහව යන්නේ නැත. විෂම සමාජයක් තුළ  දී  විශේෂයෙන් අද වගේ සමාජයකදී  කාන්තාවන්  ඒ සදහා හේතු ඕනෑ තරම් ඇති විය හැ ක.

උදාහරණයක් ලෙස 2011 වසරේ  ජාඇල ගබ්සා මධ්‍යස්ථානයක් වැටලූ අවස්ථාවේ දී එම ස්ථානයේ වහලට නැග පලායාමට තැත් කළ කාන්තාවන්  පිරිසක් තුවාල ලබා  මීගමුව රෝහලට ගෙන එන ලැබ ඔවුන්ගෙන් පොලීසිය කටඋත්තර ගත්තේ එම කාන්තාවන් ඇදන් මත ප්‍රතිකාර ලබන විටදීය. ඔවුන් අතර සිය සැමියා  බන්ධනාගාරගතවූ කාන්තාවක්  සිටියේය. මාධ්‍යෙව්දියෙකු හට ඇය පවසා තිබුණේ තමන්ගේ තුන්වෙනි දරැවා ගැබ්ගත් පසු සැමියා සිරගතවූ බවත් දැන් යැපීමට මාර්ගයක් නැති නිසා තවත් දරැවෙකු හදා වඩා ගැනීමට තමන්ට හැකියාව නැති නිසා මෙම ස්ථානයට පැමිණ ගබ්සාවකට යොමුවූ බවයි. එමෙන්ම ඒ දරැවා සිය නීත්‍යානුකූල සැමියාගේ බවද ඇය පවසා තිබුණි.
එසේ අත්අඩංගුවට ගත් කාන්තාවන්  ගබ්සාවට භාජනය කළාද යන්න වෛද්‍යවරැන් විසින් පරීක්ෂා කර තිබූ අතර සමහර කාන්තාවන් පලා යාමේදී ලත් තුවාල පිටින්ම ඔවුන්ව පරීක්ෂාවට  ලක් කිරීමට සිදුවිය.
ගබ්සාවක් නීත්‍යානුකූලව සිදුකර ගැනීමට නොලැබීම නිසා කාන්තාවක් මුහුණ දෙන ශාරීරික අවධානම,ජීවත අවධානම මෙන්ම ආත්ම ගෞරවය පිළිබද ගැටළු ඉහත සදහන් කළ සෑම සිදුවීමක් හරහාම  සංව්දනය කරවයි.
ගබ්සාව සදහා නීතියෙන් කිසිදු ඉඩකඩක් නොදීමෙන් සිදුවන්නේ සිතේ හැටියට නීති විරෝධී ගබ්සාවන් සදහා අවස්ථාවන් ඇති වීමට ඉඩ කඩ හැදීමකි.  අද එය ඕනෑවටත් වඩ ා සිචදුවෙයි. එහි  වගකීම ගතයුතු වන්නේද  ගබ්සාව නීතිගත කිරීමට විරෝධය දක්වන කොටස් විසින්මය.
‘ගබ්සා මධ්‍යස්ථානයක්  වට ලයි “ යන සිරස්තල යටතේ මාධ්‍ය වල පළවූ ප්‍රවෘත්තියක් බලා කෙනෙකුට  අපේ  සමාජය හා අපේ සදාචාරය  ආරක්ෂා වනවා යයි හිත හදාගන්නට හැක. නමුත් ඒ ප්‍රවෘත්තිය මගින් අනාවරණය නොකරන සදාචාරයෙන් හෝ වෙනත් සීමාවලින් වැසුණ , ගබ්සාව නීතිගත නොකීරීම නිසා අපේ කාන්තාවන් මුහුන දෙන ඛේදවාචකයේ ඒක් පැතිකඩක්  ඒවාට මුහුණ දෙන ස්ත්‍රියගේ ජීවිතයට එබී බැලුවහොත් අපට හ මුවේ. එම නිසා  කාන්තාවන් සදහා ලැබිය යුතු අයිතිවාසිකම් සකස් වන අදාළ ප්‍රතිපත්ති සැක‍ෙසන ව්‍යුහයන් වෙත මේ සමබන්ධයෙන් අවධානය යොමුකරවීම අප හමුවේ   අද ඇති  සමාජ වගකීමක් බව  අවධාරණය කරමු.

කුමාරි  ප්‍රනාන්දු