නීති විරෝධී වැඩ කරමින්, මාධ්‍යට ද චෝදනා කරන, මෙවැනි මී හරකුන්ට බලය දුන්නේ කවුරුන් ද?

0
71
වැවේ ඉදිකර ඇති අනවසර ගොඩකිරීම

WP_000142වෙන්නප්පුව වැවේ ඉදිකර ඇති නීති විරෝධී ඉදිකිරීම නිරීක්ෂණය කිරීම සදහා දැනට දින දෙකකට පෙර වයඹ ඉංජිනේරු අධ්‍යක්ෂකවරිය  පැමිණි බව ප්‍රදේශවාසින් වාර්තා කරති. මෙසේ නැවතත් වෙන්නප්පුව වැව සම්බන්ධයෙන් අධිකාරිය ඇති, ඉහළ නිලධාරීන්ට මෙම ප්‍රශ්නයට මැදිහත්වීමට සිදුව ඇත්තේ ,ඊට පහළ රාජ්‍ය නිලධාරියෙකු විසින් නිකුත් කළ ලිඛිත නියෝගය පිලිගැනීමට වෙන්නප්පුව දේශපාලන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කරමින් සිටීම හේතුවෙනි.
වෙන්නප්පුව මහ වැව ලෙස හදුන්වන වැවේ එක් කෙලවරක අනිල් ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු විසින්  කරන ලද නීති විරෝධී බැම්ම කඩා ඉවත් කරන ලෙස  වෙන්නප්පුව ප්‍රාදේශීය ඉංජිනේරුවරයා දැනුම් දුන් පසුත් වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයා විසින ් ඒ සදහා තවමත් කල් ගනිමින් සිටියි. මේ සම්බන්ධයෙන් සිදුකරන ලද සාකච්ඡාවකදී මෙම බැම්ම සම්පූර්ණයෙන් කඩා ඉවත් නොකර වැවෙන් අනවසරයෙන් අල්ලන ලද ඉඩ ප්‍රමාණය වැවට මුදාහැර  මෙම ගොඩකිරීම වැවේ වැටියක් ලෙසට පත්කිරීමට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා හා ගොවි සමිතියේ නායකයන් ද ප්‍රා.ඉංජිනේරුවරයාද එකග වී ඇති අතර, එම එකගතාවයට කිසිදු අනුකූලතාවයක් නොදක්වමින් සභාපතිවරයාගේ කාමරයේ සිටම මෙම අනිල් ප්‍රනාන්දු නමැත්තා ගොවි සමිතියේ සාමාජිකයන්ට දෝෂාරෝපනය කර ඇත. ඔහු පවසා ඇත්තේ  වැවේ සිදුකර ඇති මෙම ඉදිකිරීම කිසිසේත් නොකඩන බවයි.

වැවේ සිදුකර ඇති අනවසර ගොඩකිරීම කඩා ඉවත්කරන ලෙස මේ වන විට ප්‍රාදේශීය ඉංජිනේරුවරයා මෙන්ම ජනාධිපති කාර්යාලයේ විමර්ශන ඒකකයෙන්ද  නියෝග ලැබී ඇත. ඒ සම්බන්ධයෙන්  පැමිණිලි ජනාධිපති  ලේකම් කාර්යාලයට ද යොමුකර තිබුණි.
මේ සියලු නියෝග ලැබීමට පටන් ගෙන දැන් මාස එකහමාරකටත් වැඩි කාලයක් ඉකුත්ව ගොස් ඇත.

මෙය මෙසේ සිදුවෙද්දී  මීපුර වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් පළ කල ලිපියකට  පිළිතුරු බදින අනිල් ප්‍රනාන්දු මහතාග් පවුලේ සාමාජිකයෙකු පවසන්නේ මේ බැම්මට අදාළ සියලු නීත්‍යානුකූල  ලියවිලි ඔවුන් සතුව තිබෙන බවයි. එමෙන්ම ඔවුන් පවසන්නේ මෙම ඉදිකිරීම කිසිසේත්  නීතිවිරෝධී නොවන ඉතා සාධාරණ , සද්භාවයෙන් සිදුකළ ඉදිකිරීමක් බවයි.
මෙහිදී , අපට මතුවෙන ගැටළුව නම් , ප්‍රාදේශීය ඉංජිනෙරුවරයාගේ අණ නොතකා සිදුකළ මෙම ඉදිකරීම පිළිබදව මෙතරම්  පොර ටෝක් දෙන්නට මොවුන්ට හැකියාවක් ලැබී ඇත්තේ ෙකසේද කියායි. එමෙන්ම  ඔවුන් පවසන්නේ අප පළකරන පුවත් වැරදි බවය.
එසේ නම්   අප නොදන්නා ඔවුන් කියන ඇත්ත කුමක් ද? මේ තරම් ජනතාවක් ගැවසෙන ප්‍රදේශයේ මිනිසුන්ගේ ද ප්‍රාදේශීය ඉංජිනේරුවරයාගේ ද, ගොවිජන කොමසාරිස් කාර්යාලයේද ඇසට වැලි ගසා මීටර් 100ක ඉඩක් වැවෙනුත් අඩි එකහමාරක් අල්ලා පුරවන්නට මෙම අනිල් නමැත්තාට බලය දුන්නේ කවුරුන් ද ?
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයාෙගන්    අප මේ පිළිබදව  විමසු මොහොතේ ඔහු පවසා සිටියේ මේ සිදුවීම මට අදාළ නෑ, මෙය ඉංජිනේරු කාර්යාලයෙන් විමසන ලෙසය. නමුත් අප සභාපතිවරයාගෙන් නැවතත් විමසා සිටියේ,
ප්‍රා. ඉංජිනේරුවරයාගෙන් මේ ගැන කිසිවෙකු ඉල්ලීමක් කළ යුතුයි. එය කළේ කවුද කියායි. එවිට පිලිතුරු දුන් ප්‍රා. සභාපතිවරයා පැවසූවේ  ඉල්ලීම කළේ මම යන්නයි. එසේ නම්  අපට දැනගන්නට තිබෙන අනෙක් සත්‍ය නම් අනිල් ප්‍රනාන්දුගේ  ඉල්ලීම ප්‍රාදේශීය සභාපතිවරයා හරහා ප්‍රාදේශීය ඉංජිනෙරුවරයාට ගොස් ඇති බවයි.
ප්‍රාදේශීය සභාවේ බලතල අනුව ප්‍රදේශයේ ඇති ජලාශ වලට තොටුපළ වල් තැනීම හෝ නඩත්තු කිරීමට බලයක් ඇතත් මෙවැනි ආකාරයේ ඉදිකිරීම් කිරීමට කිසිසේත් අවසරයක් නැත. මේ කියන වකවානුව  තුළ  මේ සම්බන්ධව කිසිදු යෝජනාවක් වෙන්නප්පුව ප්‍රා.සභා රැස්වීමට ද ඉදිරිපත්වී නැත. එයින් හැගී යන්නේ ප්‍රාදේශීය සභාපතිවරයා මේ පිලිබදව කිසිදු මතයක් නොවිමසා සිය තනි තීන්දුව ලබාදී ඇති බවයි. ප්‍රාදේශීය සභා රැස්වීම් වාර්තා ගෙන බලනකළ , ආධාර පත්‍ර, සේවකයන්ගේ පඩි , ස්වේච්ඡා සේවකයන් උසස් කිරීම්, වැනි  සියලූම එකී නොකී දේවලට සභාවේ අනුමැතිය ගෙන ඇතත්, මෙතරම් බරපතල, වගකීමෙන් සිදුකළ යුතු ක්‍රියාවක් පිළිබදව  ආන්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මතය ද විමසා නොමැත. මීට පෙරද ප්‍රාදේශීය සභාපතිවරයා විසින් තමන්ගේ තීන්දු අනුව ඉවත් කළ බස් හෝල්ට් එක තවමත් ඉදිවී නොමැත.  ඒ පිළිබදව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවාරයාගෙන් විමසන විට ඔහු පවසන්නේ මේ ගැන ප්‍රා. සභාපතිවරයාගෙන් විමසන ලෙසයි. 2012 දෙසැම්බර් මාසයේ ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් ඉවත් කළ එම බස්නැවතුම්පළ තවමත් ඉදිවී නොමැත.
ප්‍රදේශයේ ප්‍රශ්න විසදීමට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා ව හමුවීමට  බොහෝ දෙනෙකු දැන් යන්නේ ඔහුගේ නිවසටය.  සොරකමක් කර , අසුවූ විට මංකොල්ලකාරයෝ ද පොලීසියේ සිට එතුමාට කතා කර තමන්ව නිදහස් කර දෙන ලෙස දුරකථන අැමතුම් ලබාදෙන බව ප්‍රදේශවාසීන් පවසති. ඕනම නීති විරෝධි වැඩකරන අයත් ගිහින් සුසන්ත මහත්තයාට කියලා දැන් පොලීසියෙන් බෙරෙනවා යැයි  වෙන්නප්පුවේ ජනතාව අතර ප්‍රසිද්ධ මතයක් පවතී. මේ දේවල් වලින් පෙනී යන්නේ ප්‍රාදේශීය සභාපතිවරයා  ප්‍රදේශයේ  ප්‍රශ්න විසදීමට තමන්ගේ පුද්ගලික ප්‍රතිරෑපය පාවිචිචි කරන බවයි. එය හොද දේවල් වලට අනකූල ුවුවත් මෙවැනි  නිති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන්   ලැබෙන ප්‍රතිපළ වන්නේ ” අනිල් ලා වැනි ව්‍යාපාරිකයන්ගේ පුතාලා ,ගොවි සමිතියේ  ලෙක්ම්ට හාල්පාරැවන් යැයි ප්‍රසිද්ධියේ තමෆේස්බුක් පිටුවල ලිවීමයි., පෙනී පෙනීම නීති විරෝධී ලෙස  වැව් ගොඩකර ,,’හා පුලුවන් නම් ඔප්පු කරපල්ලා යැයි ” මාධ්‍යට කෝචෝක් දැමීමයි.
ඔහු සහ ඔහුගේ පුත්‍රයා  කිසිදු සදාචාරයක් රකින්නේ නැතිව මේ ප්‍රදේශයේ පරම්පරා ගණනකගේ මොලේ පෑදූ ගුරැවරයෙකුට පගා කාරයෙක් , හාල්පාරැවෙක් යැයි බැන වදියි. මෙවැනි  සමාජ අවබෝධයක් නැති මී හරකුන්ට තපුල්ලන්ට බලය ලබාදී ඇත්තේ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන සංස්කෘතිය විසින් බව කිව යුතුය.
මේ ආකාරයෙන්  අනිල් මහතා  තව තවත් දෝෂාරෝපන මාධ්‍ය ට මෙන්ම වගකිවයුත්තන්ට ද දෙසාබාමින් සිටියි, පොදු දේපළ සම්බන්ධයෙන් කිසිදු බලයක් නැති වෙන්නප්ුවේ පුරවැසියෙකුට ඒ බලය ලැබුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයාගේ අන්තනෝමතික ක්‍රියාකලාපයේ ප්‍රතිපළයක් ලෙස බව කිව යුතුය.
බොහෝ විට බොහෝ දේශපාලකයන්  බලන්නේ ප්‍රා.සභා නීතියට වඩා තමන්ව පත්කළ ජන්ද දායකයා සතුටු කිරිමටයි. එතිනින් එහාට පළාත් සභාවට පැන ගැනීමට අවශ්‍ය දේ  ගොඩනගා ගැනීම ඔවුන්ගේ අරමුණයි.  ප්‍රාදේශීය සභා නීතියවත්, දේශපාලන සදාචාරයවත් ඔවුන්ට අදාළ නොවේ. රටේ පවතින්නේ ද බලය  තිබෙන්නාගේ නීතිය මිස
නීතියේ ආධිපත්‍යය නොවේ. මේ සිදුවන්නේ ඉහළ සිට පහළට ගමන්ගන්නා මහින්ද චින්නයේ දූෂිත නීතියේ ආධිපත්‍ය බිද දැමීමේ ක්‍රියාවලියක ප්‍රතිපළය.
ඒබැවින් ජනාධිපති විමර්ශන ඒකකය තියා වයඹ ගොවිජන සේවා කොමසාරිස්වරිය තියා
දෙවියන් වහන්සේ කීව ද ප්‍රාදේශීය සභාපතිවරයා  එය අසන්නට සූදානම් නැත.
අනිල් ප්‍රනාන්දු මහතා ද මේ බව දනී. ඒ නිසා ඔහුත් ,ඔහුගේ දරුවනුත් අපටත්, ගොවි සමිතියේ , සාමාජිකයන්ටත් පාට් දමති. මේ සියල්ල සිදුවන්නේ නීතියේ ආධිපත්‍ය රැකීමට තවමත් සූදානම් නැති ආණ්ඩුවක් යටතේය.  ඒ නිසා වෙන්නප්පුව වැව රැකගැනීම යනු එක්තරා ආකාරයකට නීතියේ ආධිපත්‍යය සුරැකමයි.

කුමාරි ප්‍රනාන්දු.

පහත දක්වා ඇත්තේ අනිල් ප්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයන් අපගේ ෆේස්බුක් පිටුවෙහි දක්වා ඇති ප්‍රතිචාරයයි.

..mama italy ave 2013-01-29 tama hariyata jobak vath na .. me news eke un kiyanne aurudu ganan innava vage ne ….oya bamma sambandayen nityanu kula liyavaili siyallama apa satuva tiyanava …anika mage idamaka mama mokak haduvath katath tiyana amaruva mokakda ..? hodata hoyala ballanna oya news eke kattaya mage tattha mahara gama pamunuvata gihin oya redi kali genath da bizz kele kiyala …mama danuth kiyanne ai oyala boru news danna kalin hoyala balanne natte ..mehi nityanu kula bavaya oppu keranna tiyana liyakiyavali tattagen aran pariksha kerala balanne natte …me hama dema sidda venne PARSI DABARERA namati paga gahana pal hora venuvena da..? oyalage me news eke attat ida nadda….? nana mankade laga masa ganak tisse hodan gihin parath ekka ..ko me govi samiti…..?

ai oyala tavamath anil mahathmaya hamu vela me bamma niti virodi nati bava oppu kirimata tiyana lipigonu pariksha kera balanne natte …”.no 105 jacket corner chilaw road wennappuwa ” anila mahata me viyaparika stane ude 8.30 sita ratri 8 dakva innava …mama kamati me lankavema prasidda oyalage news eken me vanaturuth anil mahata hamu nou hetuva dana ganna ???? e vagema tamali me mahara gama gihin redi kali genath biz kerana ekai vave bammai atara sambande mokakda …boru news danna kalin hoyala balanna mahara gamin redi genavada ? mahra gamata redi dammada kiyala..?… e vagema vava sambandava anil mahathma mita pera kopamana dayaka vela tiyanavada kiyala Gramasevaka emil mahatagen asa dana ganna …me lagadi game pasidda venna dagalana parsi dabarera vage hal paruvangen ahanne nativ a… tava ekak oyalage varta karainava hoyanna ona nam eka ehhara vadak neme …namuth me passe pannannne natte oyala mona kerath mona news dammath nityanu kulava api vada kerala tiyana nisai…. oyalage me news adaviya mehhara vavata adare nam ai anil mahatava hamu novenne …boru dala nisa bayaida….?
උපුටා ගැනීම  – (https://www.facebook.com/kumari.fernando.14)