නෙත් FM වෙබ් එකේ දවල් මිගෙල් රැ දනියෙල් මාධ්‍ය කලාව

0
116
නෙත් කැතසේයා දැරියගේ ඝාතනය මෙරට ක්‍රියාත්මක වෙබ් අඩවි වල ආචාර ධර්ම පිළිබද ලිට්මස් පරික්ෂණයක් වැනිය.
තමන්ට හිට්ස් වැඩිකරගැනිම ගැන පමණක් කල්පනා කළ මේ බොහොමයක් වෙබ් කරුවන් කිසිදු මාධ්‍ය සදාචාරමය විනය නිතියකට යටත් නොවි සිය සැබෑ නිරුවත ලෝකයටම කියමින් තමන්ගේම  පැටිකිරිය ගැන ලිට්මස් පරික්ෂණයේ ප්‍රතිඵල මුදාහැර තිබේ.
මෙහිදි අපගේ අවධානයට ලක්කරන එක් වෙබ් අඩවියක් වෙයි. මිට පෙරද ඒ වෙබ් අඩවිය විසින් මිය ගිය කාන්තාවක් ගැන පළකරන ලද කිසිදු මාධ්‍ය සදාචාරයකට යටත් නැති පුවතක් ගැන අප අපෙග් විවේචනය සටහන් කළා පමණක් නොව නෙත් FM ආයතනයේ ප්‍රධානියෙකු වු ආචාරධාර්මික මාධ්‍ය කලාවක නියැලෙන නුවන් ලියනගේ හටද ඒ ගැන දැනුවත් කලෙමු.
දැන් අප කියන්නට යන්නේ නෙත් FM අඩවියේ දවල් මිගෙල් රැ දනියෙල්ලා ගැනය.
සේයා දැරියගේ ඝාතන සැකකරුවන් ගැන අතදිගහැර දේවල් ලයික් ඉල්ලා ලියු මේ අඩවිය වරක් ඒ එක්  සැකකරුවන් ගැන සිරස්තලයක් පළකර තිබුණි. ඒ් “සේයා” ඝාතනයේ සැකකරුවෙකු ලඟ නිල් චිත්‍රපට යනුවෙනි.
එම පුවතට බදුන් වු සිසුවා ගැන අද පළකර ඇති සිරස්තලය මෙසේය.

මගේ පුතාට කළ අසාධාරණයට වග කියන්නේ කවුද?

සේයා ඝාතනයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවාගේ මව අසයි
මාධ්‍ය සදාචාරයට අවනත නැති මෙවනි වෙබ් අඩවි වලින් අපට අසන්නට ඇත්තේද එක ප්‍රශ්ණයකි.
ඒ අර සිසුවාගේ මව විසින් අසන ලද ප්‍රශ්ණයයි.

මගේ පුතාට කළ අසාධාරණයට වග කියන්නේ කවුද?