නෙස්ට් ආයතනයේ ආහාර විසවීමෙන් මියගිය සේවිකාවගේ සිරුර ගොඩ ගනියි

0
91

2014 සැප්තැම්බර් මාසයේ 05 වනදා සිට දින කීපයක් යනතුරු නිදහස් වෙළද කලාපයේ නෙස්ට් නම් ආයතනයේ සේවිකාවන් රැසක් ආහාර විස වීම හේතුකොට මීගමුව රෝහලට ඇතුළත් කරන ලදී. ඒ අතරින් එක් සේවිකාවක්  සැප්තැම්බර් 09 වනදා රෝහලේ දි මිය ගිය අතර ඇය අගුණුකොල පැලැස්සේ ජීවත්වූ කාන්තාවක් වන අතර දෙදරු මවකි.
ආහාර විස විම හේතුකොටගෙන අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මෙම කාන්තාවගේ මළ සිරුර සිරුර  නැවත ගොඩ ගෙන පරීක්ෂණයක් සිදුකිරීමට මීගමුව  අධීකරණයෙන් නියොග කර තිබේ.
ඇලෙන් එගොඩ උස්වැව  තංගල්ල පදිංචි ඥණවති කළුආරචිචි අවු 48 විවාහක කාන්තාවගේ   මරණය සම්බන්දයෙන් මිගමුව අධීකරණ වෛද්‍ය නිළධාරි  පස්චාත් මරණ පරික්ෂණය පවත්වන ලදි.food-issue1

මිය ගිය අයගේ පාර්ෂවය වෙනුවෙන් මරණය පිලිබදව සැක සහිත බව කියා ගොනු කල පැමිණිල්ලකට අනුව මෙම මල සිරුර නැවත ගොඩ ගෙන ජ්‍යෙෂ්ඨ අධීකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු ලවා නැවත මරණ පරික්ෂනය කර  ඒ පිලිබද වර්ථාවක් ලබා ගන්නා ලෙස
අඟුණුකොළ පැලැස්ස අධීකරණයට මිගමුව අතිරේක මහෙස්ත්‍රාත් තිලක රත්න බංඩාර
මහතා පසුගිය 18 දින නියෝග කර ඇත.
2014 වසරේ සැප්තැම්බර් මාසයේදී සිදුවූ මෙම ආහාර විසවීම හේතුකොටගෙන නෙස්ට් ආයතනයේ සේවක සේවිකාවන් 150 කට අධික සංඛ්‍යාවක් රෝහල් ගතවන ලදී.

ප්‍රියපේම මානික්ක රත්න

සබැදි පුවත්
නෙස්ට් සේවිකාවන් ආහාර විසවීමෙන් රොහලට
සේවිකාවන් ලෙඩ කළ ආහාර සපයා ඇත්තේ මුන්නකරයේ තැනකින් …