නෙස්ට් ආයතනයේ සේවිකාවන් නැවතත් මීගමුව රෝහලට

0
69

අද උදෑසන 8.30 ට පමණ  නෙස්ට් ආයතනයේ සේවිකාවන් 12 දෙනෙකු සහ සේවකයන් 2 නෙකු රෝහල්ගත කර තිබේ. මේ අතර කලින් ප්‍රතිකාර ලබා පිටව ගිය අයද අලුත් සේවිකාවන් සහ සේවිකාවන්ද සිට ඇත.  නිදහස් වෙළද කලාපේ පිහිටි NEXT ආයතනයේ සේවිකාවන් 150 දෙනෙකු පමණ ආහාර විෂවිමක් හේතුවෙන් සැප්තැම්බර් 05  වනදා මීගමුව රෝහලට ඇතුලත් කරන ලදී. මේ අයගෙන්  සේවිකාවන් දෙදෙනෙක් මීගමු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ   ප්‍රතිකාර ලබමින් සිටියදී එක් සේවිකාවක් මියගියේය. මුන්නක්කරයේ පිහිටි එම ආහාර සැපයුම් ආයතනයට මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගොස් පරීක්ෂණයක් සිදුකළද එහි ප්‍රතිපළය කුමක්ද යන්න තවමත් වාර්තා වී නොමැත. next 9-9-20144

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here