නේපාලයට යැවු ගුවන් හමුදා යානය එතරම් දුරක් යන්නට සුදුසු එකක්ද ?

0
160

air force planeනේපාලයේ විපතට පත් ජනයාට උපකාර කිරිම සදහා නේපාලය බලා පිටත්ව ගිය ගුවන් හමුදාවට අයත් සි 130 යානය එවැනි ගමනක් සදහා සුදුසු එකක්ද යන ගැටළුවක් දැන් මතුව ඇත.
වාර්තා වන අන්දමට එය වසර 45 ක් පැරණි යානයකි.ඒ යානයට දුර පියාසර කිරිම පිලිබදව ඇත්තේ   එකවර  පියාසර පැය 2 කක පමණක් වු අත්දැකිමකි.
නේපාලයට ගොස් නැවැත්විමේ සිටිම මතුව ඇතැයි කියන ගැටළු හේතුවෙන් රැගෙන ගොස් තිබු භාණ්ඩ ඉන් ඉවත් කරගැනිමට යානයේ අදාල දොරටුව නිසි ලෙස ක්‍රියාත්මකව නොතිබිම ගැනද වාර්ථා වේ මේ නිසා ඒ භාණ්ඩ තොගයද ගුවන් යානයෙන් ඉවත් කරගන්නට හැකිව තිබුනේ යානයේ අදාල අලුත් වැඩියා කටයුතු නිමකරලිමෙන් පසුව එය යළිත් ලංකාවට ඒමට පැය කියපක් තිබියදිය.
.එමෙන්ම මේ හේතුවෙන් යානය නවතාලිය යුතු ස්ථානය පිලිබදව වු ගැටලුව නිසා  ආධාර රැගෙන වෙනත් රටවල් වලින් පැමිණි ගුවන් යානා ගුවන් තොටුපල වෙත ලගාවිමටද යම් බාධාවන් පැමිණ තිබු බව සැලය.
මේ සියළු දෝෂ සහිතව වුවද යළිත් ලංකාව බලාපැමිණිමට සියල්ල සුදානම් කර ගෙන සිටියදි වාර්ථා  වු කාර්මික දෝෂයක් හේතුවෙන් යානය එහි නවතා තබාගෙන පකිස්ථාන ගුවන් හමුදාවේද කාර්මික නිළධාරින්ගේද සහය ලබාගනිමින් එය අලුත් වැඩියා කරගැනිමට සිදුව තිබුුණි.
පියාසර පැය 2 ක උපරිම අත්දැකිම්ක් තිබු මෙම යානය ඊයේ නේපාලයේ සිට ලංකාවට පැමිණිම පියාසර පැය 9 ක් ගතකර තිබුණ බවද වාර්ථා වේ.
නේපාලයේ උද්ගතව වු හදිස්සි තත්වය හමුවේ ගුවන් හමුදාව සිය සේවය උපරිම අයුරින් ලබාදිමට මුල්විම පැසසුම් කටයුතුය.
එහෙත් එවැනි ගමනකට සුදුසු නොවන යානයක සේවය ලබාගැනිමට යනු ජිවිත කියක් නම් අනතුරේ හෙළිමක්ද ??Nepal returns