නේපාලයෙහි තේරෙසා මව්තුමිය

0
120


ගෙලෙහි පබලූ මාලයක් බැදි වැඩිමහලූ කතක් සිය නිවසේ ඉස්තෝප්පුහෙි
වාඩිව සිටින්නීය…..
නේපාලයේ අගනුවරට නුදුරින්  කලිමාති නම් පෙදෙසේ තරමක කලබල වීදියක පිහිටා
ඇති මේ ගෙදර නම්කොට තිබෙන්නේ ‘අමාකෝ ගර්’  – (මගේ මවගේ නි) යනුවෙනි.
කාමර 3කින් සමන්විත මේ නිවසේ අනෙක් සාමාජිකයන්ද දිවා ආහාරයෙන්
පසු සිය නිවසේ සල්ලාපයේ යෙදෙමින් සිටියි. ඔවුන් වියපත් මව්වරුන් වෙති.
පෙර  ඔවුන් ගතකළ ජීවිතයෙන් දුරස්වූ ලෝකයක්  මෙම නිවසේ අත්විඳමින්
සිය සැදෑ සමය ගත කරන මව්වරුන්ට මෙම සෙවන සාදා දුන්නේ
දිල් ශෝභා ස්‍රෙසස්තායි…
ඇය මෙම නිවහන ඉදිකළේ වසර දහයකට පෙරදීයි.
ඒ නේපාලයේ ජීවත්වන පිළිසරණක් නැති වැඩිහිටි මාතාවන්ට සෙවණ දෙනු පිනිසය.
සමහර අයව දිල් විසින්ම වීදි ජීවිතයෙන් මුදවාගත්තා. 56 හැවිරිදි  දිල්ගේ මෙම ශක්තිමත් මෙන්ම ස්වාධීන ක‍්‍රියාව පීතෘ මූලික සමාජයකදී සිදුවන ඉතා දුලබ  කතාවක්. එහෙත් එය සත්‍යයක්.
හුදකලාව හා දුකටපත්වීම පිළිබඳවූ හැඟිම් හොඳින් තේරුම්ගත් දිල් අවුරුදු කීපයකට පෙර සැමියා විසින් අතහැර දැමූ මාතාවක්. ඇය ඇයට හිමි යම් දේපලක් කුලියට දීමෙන් ලබාගත් මුදලින්
මෙම නිවහන සාදාගත්තේ අහක දැැමුන හා ඉතිරි වූ අමුද්‍රව්‍ය වලින්.
ඇත්තෙන්ම ඇගේ නිවහනත් දැන් එයමයි.
නිවසේ ආහාර පිලියෙළ කිරීම, ගේ දොර වැඩ, ස්වේච්ජා සේවකයින් බදවාගැනීම,
මුදල් ආයෝජකයන් වෙත ලිපි සකස්කිරීම්,වැඩිහිටියන්ගේ වියදම් යන මේ සියල්ල
ඇගේම අතින් සිදුවන්නේ ඉතා ප‍්‍රීත්මත්වයි.
ඇමරිකා මධ්‍ය තොරතුරු ඒජන්සියේ ලෝක දත්ත වාර්තා අනුව 2009 දී නේපාලයේ වැඩිහිටියන්ගේ ප‍්‍රතිශතය 4.2යි. නේපාල ජනගහනයෙන් අතිබහුතරය වෙන්නේ
අවූ 14-64ත් අතර පිරිසයි. marti debo ,bhaba pitri debo bhaba .. දිල් එහෙම කියනවා. ‘‘ ඒකේ තෙරුම අම්මා හොඳයි, තාත්තා දෙවියෙක් නමුත් අවාසනාවන්ත ලෙස නූතන සමාජයේ දී වැඩිහිටියන්ට කිසිම ගෞරවයක් නැහැ. බොහෝ දෙනෙක් සිතනවා වැඩිහිටියන් රැුකබලාගැනීම ප‍්‍රයෝජනයක් නැති කි‍්‍රියාවක් කියා. හරියට පල දෙන්නේ නැති ගසක් වගේ ඔවුන් නිශ්පලයි. නමුත් ඔවුන් දන්නේ නැහැ ඒ වියපත් වීම ජීවිතේ ස්වභාවික තත්ත්වයක් කියලා. මට  ඕනා නේපාලයේ සිදුවන මේ වැඩිහිටියන්ට වෙනස්කම් කිරීමට අභියෝග කරන්න.
මෙම මාතාවන් රැකබලාගැනීමේ වියදම් සෙවීම ඇයට පෞද්ගලික තෘප්තියක්.
‘‘ඔවුන් නිසා මට මගේ මව මතක් වෙනවා.. හරියට මම මගේ මවට ආදරය සෙනෙහස දක්වනවා වගේ. ’’ මේ සුහඳ කාන්තාව එසේ පවසනවා.

Asian Geographic  සගරාවේන් උපුටා ගැණුනි