නේපාලයේ සිරවී සිටින ශ්‍රී ලාංකිය මාධ්‍යවේදීන්ගේ ජිවිත අනතුරේ

0
59

nepal 13රාජපක්ෂ පාලන සමයේදී ජිවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලාගොස් එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන සිටි ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ජීවිතය අනතුරට ලක්ව ඇත.

රික්ටර් මාපාංක ඒකක 7.9ක අගයක් ගනිමින් ඊයේ දිනයේදී නේපාලයේ ඇති වූ භූකම්පනය හේතුවෙන් මෙම මාධ්‍යවේදීන් නවාතැන් ගෙන සිටි නිවාස බරපතල ලෙස විනාශ වී ඇති අතර ඔවුන් ගේ ජිවිත බේරී ඇත්තේ අනු නමයෙනි.

‘පතුල’ වෙබ් අඩවියේ කර්තෘ ජයම්පති බුලත්සිංහල මහතා හා ‘ලංකා නිව්ස් වෙබ්’ අඩවියේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කරන කුමී විජේවර්ධන මහත්මියත්, එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන අංශය විසින් පවත්වාගෙන ගිය ‘ලංකා එක්ස් නිව්ස්’ වෙබ් අඩවියේ හිටපු ප්‍රවෘත්ති කර්තෘ ශාන්ත විජේසුරිය මහතාත් මෙසේ ජිවිත අවධානමට ලක්ව සිටිති.

නේපාලයේ තවත් භූ කම්පනයක් :

ඊයේ නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 2000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

නේපාලයේ අදත් ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති අතර, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.7ක් වන බව ය.

වරින් වර සිදුවන මෙම භූකම්පන හේතුවෙන් මෙම ලාංකීය මාධ්‍යවේදීන්ගේ ජිවිත අවධානම තිවුර වී ඇත.

රැගෙන එන්න බැහැ කියලා :

මේ අතර නේපාලයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය නම් නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට පහසුකම් සපයන බවට ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ දැනුම් දී සිටි අතර, ඒ අනුව සහනාධාර රැගෙන අද අළුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය සී 130 දරන යානයෙන් අව්‍යශ නම් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව ද අවධාරණය කර තිබිණ.

ඒ අනුව දේශපාලන රැකවරණ ලබාසිටින මාධ්‍යවේදීන් තිදෙනා ශ්‍රී ලංකාව ඒමට කත්මන්ඩු ගුවන් තොටුපලට පැමිණ ඇතත්, එම ගුවන් යානයෙන් ඔවුන් රැගෙන එම ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔවුන්ට ගුවන් ගමන් බලපත්‍රයක් නොමැතිවීම නිසාය.

දේශපාලන රැකවරණ ලබාදීමේදී එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් බලපත්‍රයක් පමණක් ලබාදෙන බවත්, එම කාර්යාලය ද මේවනවිට විනාශවී ඇති බැවින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදෙන ලෙස මාධ්‍යවේදී ජයම්පති බුලත්සිංහල මහතා කල බැගපත් ඉල්ලීම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රතිෂේප කර ඇත.

නේපාලයේ සිටි 35ක් දිවයිනට :

කෙසේවුවද, නේපාලයේ සිටිනා ශ්‍රී ලාංකිකයන්ගෙන් 35 දෙනෙකු අද (26දා) සවස මෙරටට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක වින්ග්කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

නේපාලයේ ජනතාවට සහන සැලසීමට මෙරටින් පිටත්ව ගිය ශ්‍රී ලාංකික කණ්ඩායම එරටට අද උදේ 10.30ට ඇතුල්වී තිබෙන බවත්, මෙම පිරිස රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පී.130 යානයෙන් එරට රැඳී සිටින 35 දෙනෙකු රැගෙන එන බවද ඔහු පවසා සිටියේය.
http://www.sinhala.srilankamirror.com